Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනාවලිය රාජ්‍ය යාන්ත්‍රණය වෙත බාර දීම, මන්නාරම් දිස්ත්‍රික්කය-2021.10.21

ආහාර ස්වෛරීත්වය, ආහාර අයිතිය හා ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව ඉතා පුළුල් කතිකාවතක යෙදෙන මෙවන් කාලයක ආහාර යනු අයිතියකි, ආහාර ස්වෛරීත්වයෙන් තොර අනාගතයක් නොමැත. බොහෝ කලක සිට ආහාර අයිතිය පිළිබඳව සංවාද සංකච්ඡා ඇති වුවත් ආහාර අයිතිය හා ආහාර ස්වෛරීත්වය මහ පොළොවේ පැළ කරන්නට නොහැකි විය. කෙසේ වුවත්, ආහාර දිනය සමරන මේ මාසය තුළ ආහාර ස්වෛරීත්වය මහ පොළොවේ පැළ කරන්නට සුළු ආහාර නිෂ්පාදකයින් දක්වන දායකත්වය සුළුපටු නොවේ. ආහාර ස්වෛරීත්වය ආරක්‍ෂා කරගනිමින් ආහාර අයිතිය දිනාගන්නට සුළු ආහාර නිෂ්පාදකයින් කරන කැපවීම අගය කළ යුතුය. ආහාර යනු මිනිසාට අවශ්‍යය සාධකයකි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වෙත ප්‍රවේශ වන්නට සෑම පුද්ගලයෙකුටම අයිතියක් මෙන් ම හිමිකමක් ද පවති. බහු ජාතික සමාගම් මේ අයිතිය හා හිමිකම සුළු ආහාර නිෂ්පාදකයාගෙන් උදුරා ගනිමින් සිටී. කෙසේ වෙතත් ආහාර ස්වෛරීත්වයේ විශාල භුමිකාවක් කාන්තාවට ද ඇත. කාන්තාව ආහාර ස්වෛරීත්වයේ පෙර ගමන්කරුවෙකු යැයි සඳහන් කළහොත් එය නිවැරදි ය. මේ අනුව සුළු ආහාර නිෂ්පාදනය කරන කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ලෝක ආහාර දිනයට සමගාමීව මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් සකස් කළ යෝජනාවලියක් 2021 ඔක්තොම්බර් 21 වන දින මන්නාරම් ප්‍රදේශීය ලේකම්වරිය වන ස්ටැන්ලි ඩීමන් මහත්මියට භාර දෙන ලදී. මෙම ලියවිල්ල ඇය වෙත බාර කිරීමට මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය ජේ.එම්.ප්‍රියන්තා මහත්මිය ද වසන්තා ජේන් මහත්මිය ද ජයදීවා මහත්මිය ද කනකමලර් යන මහත්මීන් එක් වූහ. මෙම ලියවිල්ලලේ කාරණා කිහිපයක් අවධාරණය කොට ඇත. ප්‍රථමයෙන් පාරම්පරික රැකී රක්‍ෂා නැවත ආරම්භ කළ යුතුය. වස විස නැති ආහාර නිෂ්පාදනය සඳහා පියවර ගැනීම. ආහාරවල මිල තීරණය කිරීමට ආහාර නිෂ්පාදකයාට අයිතිය තිබිය යුතුය. ස්වභාවික ගොවිතැන සම්බන්ධයෙන් පුහුණු ලබා දිය යුතු යන්න මෙහි අන්තර්ගත කරුණු අතර විය.