Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනාවලිය රාජ්‍ය යාන්ත්‍රණය වෙත බාර දීම, පුත්තලම් දිස්ත්‍රික්කය-2021.10.21

ලෝක ආහාර දිනය නිමිත්තෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අනුබද්ධිත පුත්තලම් දිස්ත්‍රික් කාන්තා සහ ජිවන සංවිධානය මඟින් කල්පිටිය ප්‍රදේශයේ පෙරියකුඩුඉරිප්පු සහ සින්නකුඩුඉරිප්පු යන වසම්වල සිටින සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් සහ වෙළඳුන් සමඟ සාකච්ඡා කොට පවතින කොව්ඩ් 19 වසංගතය හමුවේ පැවති නිරෝධානයන ඇඳිරි නීතිය යටතේ සිය ජිවනෝපාය සම්බන්ධයෙන් විශාල අර්බුද රැසකට මුහුණ දුන් බවත් ඔවුන් මුහුණ පෑ දුෂ්කරතා සම්බන්ධයෙන් සඳහන් කොට ලියවිල්ලක පුත්තලම් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත 2021 ඔක්තෝම්බර් මස 21 වන දින ලබා දීමට පුත්තලම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය කටයුතු සම්පාදනය කෙරෙණි. මේ අනුව මෙම ලියවිල්ල තුළ ගැටලු ගණනාවක් අන්තර්ගත කර ඇත. ඒ අනුව වෙළඳපොළ අමුද්‍රව්‍ය මිළට ගැනීමේදී මිල උච්චාවචනය හා වෙළඳසැලෙන් වෙළඳසැලට මිල වෙනස් වීම, අමුද්‍රව්‍යවල මිල අධික වීම නිසා ඇතැම් සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන්නන් සිය රැකියාවෙන් ඉවත් වීම යාම ආදී කරුණු සම්බන්ධයෙන් මෙම ලියවිල්ල හරහා ප්‍රාදේශීය ලේකම්තුමා දැනුවත් කරන ලදී.