Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මිරිදිය හා කරදිය ධීවරයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ලේඛන හා මාර්ගෝපදේශ හරහා දැනුවත් කිරීම,2021.10.27

සමාජයේ පවතින අනෙකුත් රැකියා මෙන් නොව ධීවර රැකියාව ඉතා අවධානම් සහගත මෙන්ම කිසිදු සැලකිල්ලක් හා අවධානයක් යොමු නොකරන වෘත්තියකි. සමාජයට අවශ්‍යය ප්‍රෝටීන සපයා දෙන්නෝ ධීවරයෝ ය. ඔවුන්ගේ දුක් ගැනවිල්ල ඔවුන්ගේ හඬට ඇහුම් කන් දෙන කිසිදු පාර්ශවයක් අද වන විට සොයා ගැනීම දුෂ්කරය. ඒ තරම්ම ධීවර කර්මාන්තයට සමාජයේ අවධානය හා සැලකිල්ල නොමැති තරම් ය. ධිවරයා මහ මුහුදත් සමඟ පොර බැඳ කෙසේ හෝ මසුන් සම්පාදනය කරන නිසා ප්‍රතිපත්ති සම්පාදකයින්ට ද ඒ පළිබඳව කිසිදු සැලකිල්ලක් නැත. කවදා කොතැන ඔවුන් පිළිබඳව කතා කරයි ද ? කරදිය මෙන් ම මිරිදිය ධිවරයා ද විශාල දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිය ජීවිකාව ගෙන යයි. මේ පිළිබඳව පාලකයින්ගේ අවධානය යොමු වන්නේ කවදාද යන්න ඔවුන් ඇඟිලි ගනිමින් සිටි. අම්පාර දිස්ත්‍රික්කය ධීවර කර්මාන්තයෙන් පොහොත් දිස්ත්‍රික්කයකි. අම්පාර දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය ස්වකීය ධිවර සහෝදරයින් සමඟ එක්ව සහයෝගයෙන් කරදිය මිරිදිය ධිවරයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ පූර්ණ සහභාගිත්වයෙන් හා දායකත්වයෙන් සැලසු ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ මාලාව ධිවර හා ජලජ ඇමතිවරයා වන ඩග්ලස් දේවානන්ද මහතා වෙත 2021 ඔක්තෝම්බර් මස 27 වන දින පිළිගන් වන ලදී. මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් ධිවර සහභාවේ සභාපති මුබාරක් මහතා ද අම්පාර දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා ද කේෂත්‍ර නිලධාරි කෝකුලන් මහතා ද සම්බන්ධ වූහ.