Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ශ්‍රමදාන ව්‍යාපාරය - අම්පාර දිස්ත්‍රික්කය

 පැතිර යන කොවිච් 19 වසංගතය නිසා බොහෝ කලක් වසා තිබු පාසල් යළි විවෘත කිරීම පිළිබඳය රජය ගත් තීන්දුව නිසා අම්පාර දිස්ත්‍රික්කයේ කවඩාපිට්ටි පාසල ද ඔක්තෝම්බර් මස 21 නැවත අධ්‍යයන කටයුතු සඳහා විවෘත වීමට නියමිතය. මේ නිසා කලක් වසා තිබු පාසල අධ්‍යයන කටයුතු සඳහා සූදානම් කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2021 ඔක්තොම්බර් මස 22 වන දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා අම්පාර දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සමාජික සාමාජිකාවන් විශාල පිරිසක් පැමිණි සිය ශ්‍රමයෙන් දායකත්වය දුන් අතර බාහිර පාර්ශව කිහිපයක් මීට සම්බන්ධ වූහ.