Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සමාජයේ පොදු සුබසාධනය සඳහා තරුණ දායකත්වය - අම්පාර දිස්ත්‍රික්කය

අප කාගේත් යුතුකම හා වගකීම වන්නේ සමාජයේ පොදු සුබසාධනය වෙනුවෙන් තම තමන්ට හැකි අයුරින් දායකත්වය ලබා දී එය වර්ධනය කිරීමයි. විශේෂයෙන් රටක තරුණ පරපුරට මෙහි සුවිශේෂි වගකීමක් හා දායකත්වයක් හිමි වේ. තරුණයන් සමාජයේ කොදු නාරටියයි. සමාජය වෙනස් කිරීමට සමාජය සංවර්ධනය කිරීමට තරුණ ශ්‍රමයට සුවිශේෂි මෙහෙවරක් ඇත. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික්කයේ කවඩාපිට්ටි පොදු වෙළඳපොල අසල තිබෙන නාන තොටුපලට කලක් අවශ්‍යය තිබූ ආවරණය එම තරුණ ප්‍රජාව විසින් සිය ශ්‍රමය යොදා නිර්මාණය කොට ඇත. මිනිසුන් ස්නානය කරන මෙවන් තැන්වල ආවරණය කොට වසා ලීම ඔවුන්ගේ සමාජිය මෙහෙවරක් ලෙස සලකා ඉටු කිරීම අගය කළ යුතුමය.