Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

"Mission Inclusion" ව්‍යාපෘතිය යටතේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා උදව් උපකාර කළ ගෘහමූලික කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම පිළිබඳව සාකච්ඡාව, මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය, 2021.10.29

"2019 සහ 2020"යටතේ ජීවන මාර්ග නගා සිටුවීම යටතේ උදව් උපකාර කළ කාන්තා ගෘහමූලික පවුල් 32 ක කාන්තාවන් 30 සමඟ සාකච්ඡාවක් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය අයත් කිතුල් ග්‍රාමයේ 2021 ඔක්තෝම්බර් මස 29 වන දින එම ගම්මානයේදී පැවැත්විණ. මෙම සාකච්ඡාව ප්‍රධාන අරමුණ තුනක් යටතේ පැවැත්විණි. එනම් ජීවන මාර්ග නඟා සිටුවීමෙන් පසු ගම්මානයේ ගෘහමූලික කාන්තා පවුල්වල ආර්ථික තත්ත්වයේ වත්මන් තත්ත්වය හා ඒ සඳහා අලුතින් සාමාජිකාවන් ඇතුලත් කර ගනු ලැබුවේ ද ජීවන මාර්ග සඳහා උදව් උපකාර කිරීම යටතේ ලබා දුන් සත්ත්වයින් භාණ්ඩ පසු ගම්මානයේ ආර්ථික තත්ත්වය කෙසේ ද? ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ විසින් සංවිධානය කරන පොදු වැඩසටහන් සඳහා කොතරම් දායකත්වයක් ලබා දෙන්නේ ද? යන්න ගැඔුරින් සාකච්ඡා කළහ මෙම සාකච්ඡාව සඳහා සාමය හා තිරසර සංවර්ධනය සඳහා ජනතා අතර සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තිනී ජේසුදාසන් මහතා ද ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධිකාරක ශෂිකරන් මහතා ද සජීවිකා නිරෝෂා මෙනවිය ද සහභාගි වූහ.