Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

තෙනිජමාන් කාන්තා කණ්ඩායමේ මාසික හමුව, යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය, 2021.10.19

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි කාන්තා කමිටුවක් වන "තෙනිජමාන්" කාන්තා කණ්ඩායමේ මාසික හමුව 2021 ඔක්තෝමබ්ර් මස 19 වන දින පැවැත්විණ. මෙහිදි දිනෙන් දින උග්‍ර ලෙස ඉහළ යන භාණ්ඩ මිල ඉදිරියේ අසරණවු ජන දිවිය පිළිබඳව කාලීන සාකච්ඡාවක් පැවැත්විණි. ඉහළ ජීවන වියදම යටතේ කාන්තාවගේ එදිනෙදා කටයුතු කරගෙන යෑමට නොහැකියාව මෙන්ම බඩු භාණ්ඩවල මිල ඉහළ යෑම නිසා එය විශාල ලෙස තම ආර්ථිකයට බලපෑ ඇති ආකාරය මෙහිදි සාකච්ඡා විණ. මෙම අවස්ථාව සඳහා එම කාන්තා කමිටුවේ කාන්තාවන් 23 පමණ සහභාගි වු අතර එම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා ද දඩ්සාජනි මෙනවිය ද සහභාගි වූහ.