Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික් තරුණ හමුව, 2021.10.29

තරුණයින් රටක නවෝත්පාදන බිහි කරන සුවිශේෂි සමාජ කොට්ඨාසයකි. තරුණ ක්‍රියාකාරිත්වය අඩු හෝ වැඩි වීම රටක ප්‍රගමනයට බලපාන කරුණකි. තරුණයින් වශයෙන් කුමන් කුඩා දෙයකින් හෝ රටට වැඩදායි කාර්යය නියැලි සිටි ද එය රටට වැදගත් තත්ත්වයකි. ඒ අනුව, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් තරුණ ක්‍රියාකාරීන් හමුව 2021 ඔක්තෝම්බර් 29 වන දින පැවැත්වීණ. මෙම අවස්ථාව සඳහා තරුණ ක්‍රියාකාරීන් 11 දෙනෙකු පමණ සහභාගි වූහ. මෙහිදි යාපනය දිස්ත්‍රික්කයේ අනාගත තරුණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙන් ම දිස්ත්‍රික් තරුණ ව්‍යාපාරය ගොඩනැගීම සම්බන්ධයෙන් කාලීන සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනාගම් මහතා ද චිත්‍රා මෙනවිය ද සම්බන්ධ වූහ.