Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපුව දිස්ත්‍රික්, උරුගාමම් ගම්මානයේ ග්‍රාමීය කාන්තාවන් සමඟ කළ සාකච්ඡාව - 2021.11.05

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උරුගාමම් ග්‍රාමීය කාන්තාවන් සමඟ කළ සාකච්ඡාව 2021 නොවැම්බර් මස 05 වන දින එම ගම්මානයේදී පැවැත්විණි. මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරී ගම්මානයක් වන උරුගාමම් ගම්මානයේ ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද, නව සාමාජිකයින් බඳවා ගැනීම, ග්‍රාමීය මට්ටමේ ගෘහමූලික කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳව පෙත්සමක් මඟින් රාජ්‍ය නිලධාරීන්ට දැනුවත් කිරීම නොවැම්බර් මස 21 වන දින පවත්වන්නට නියමිත ධීවර දිනය සම්බන්ධයෙන් ද ව්‍යාපෘතියය යටතේ උදව් උපකාර ලබා ගත් ගෘහමූලික කාන්තාවන්ගේ සමාජ, ආර්ථික තත්ත්වය ඇගයීමක් ද මෙහිදි සිදුවිය. මෙම සාකච්ඡාව සඳහා කාන්තාවන් 14 පමණ සහභාගි වු අතර මඩකලපුව දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සජිවිකා නිරෝෂිනි මෙනවිය මෙම සාකච්ඡාව මෙහෙවී ය.