Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

තනි පුද්ගල ව්‍යාපාර සැලසුම් නිර්මාණය කිරීම, කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය, 2021.11.10

කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ගෘහමූලික කාන්තාවන් සඳහා තනි පුද්ගල ව්‍යාපාර සැලසුමක් නිර්මාණය කරගනිමින් තම ස්වයං රැකියාව ඉදිරියට සාර්ථකව කරගෙන යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තනි පුද්ගල ව්‍යාපාර සැලසුමක් නිර්මාණය කරගැනීම පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දීම 2021 නොවැම්බර් මස 10 වන දින පූනගර් ධීවර කාර්යාලයේදී සිදු කෙරෙණි. 

 මෙම අවස්ථාව සඳහා සත්ත්ව පාලනය, ආහාර නිෂ්පාදන, ඇඳුම් මසන, නිමි ඇඳුම් විකුණන, ගෘහමූලික කාන්තාවන් සහභාගි වූ අතර ඔවුන් සඳහා තනි පුද්ගල ව්‍යාපාර සැලසුම් නිර්මාණය කිරීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුව  ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය මඟින් ලබා දීම සිදු විය. ගෘහමූලික කාන්තාවන් ලෙස තනි පුද්ගල ව්‍යාපාර සැලසුමක් නිර්මාණය කිරීම මඟින් සිය ව්‍යාපාරය දිනෙන් දින සාර්ථකත්වයට ගෙන යන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සෙපා ආයතනයේ කන්නන් මහතා විසින් ගෘහමූලික කාන්තාවන් හට ප්‍රායෝගික දැනුම ලබා දුන් අතර ඒ අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමය හා තිරසර සංවර්ධනය සඳහා වු ජනතා සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සදීප්වරම් මහතා ද අමලජිවනි මහත්මිය ද ජේයරානී මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.