Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා තරුණ කණ්ඩායම් තුළ දැනුම කුසලතා වර්ධනය, ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය, 2021.11.14

මොනරාගල දිස්ත්‍රික්කයේ ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය විසින් යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා වු තරුණ කණ්ඩායම් තුළ දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහන හදපානාගල ශ්‍රී ජය හෝටලයේදී 2021 නොවැම්බර් මස 14 වන දින තරුණ තරුණියන් 22 පමණ සහභාගිත්වයෙන් පැවැත්විණි. තරුණ තරුණියන් ලෙස යහපත් සමාජයක් ලෙස ඔබ දකින්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් වසම් අනුව තරුණ තරුණියන් කණ්ඩායම්වලට බෙදා එම තරුණ දූ දරුවන්ගෙන් අදහස් ලබාගෙන යහපත් සමාජයක් ලෙස ඔබ දකින් ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන ලදී. මෙම අවස්ථාවට  වෝරුම් ආසියා සංවිධානයේ රුකී ප්‍රනාන්දු මහතා සම්පත්දායකත්වයෙන් සමබන්ධවු අතර ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ කේ පී සෝමලතා සහ ප්‍රේමලතා යන මහත් මහත්මීන සම්බන්ධ වූහ.