Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

District Workshop of Northern Region Fisher Peoples Collective on 15th November 2021,උතුරු පළාත් ධීවර එකමුතුවේ දිස්ත්‍රික් වැඩමුළුව


Northern Region Fisher Collective which been formed by active contribution and participation of fishing communities of North has become a social activist group which for the betterment of the Northern region fisher communities. They work towards establishing a sustainable fishing industry, while not restricting themselves only for Northern region, but getting involved in any part island where there are issues related to fisher communities, come forward and mediate on behalf of the affected communities. The workshop for the district activists of Northern region fisher Peoples Collectives was the held 15th November at Poonagary, Kilinochchi. Main aspects discussed during this workshop were the current situation of the Collective, Mapping of its structure, gathering of Data of the of the Collective. This workshop was facilitated by Mr.Anthony Jesudasan,the Program coordinator of  Peace and Sustainable development for People’s Dialogue of NAFSO. The vice president Mr.Joesph Francis, Assistant Secretary Mr.Anne Rita, Northern Region Coordinator Ms.Thadsajani Thavaslevam, Kilinochchi District Coordinater Mr.Sathees and Mrs.Amalajeewani along with Mr.Benadict Croos, the Mannar Disrtrict Coordinator. Also participated.  

උතුරු පළාතේ ධීවර ප්‍රජාවගේ සක්‍රීය සභාගිත්වයෙන් නිර්මාණය වු උතුරු පළාත් ධීවර එකතුව අද වන විට උතුරු පළාතේ ධීවර ප්‍රජාවගේ අභිවෘද්ධිය උදෙසා සක්‍රීය දායකත්වයක් ලබා දෙන ක්‍රියාකාරි සමාජ කණ්ඩායමකි. එමෙන්ම, උතුරු පළාත පමණක් නොව, ධීවරයින් උදෙසා කුමන් අර්බුදකාරි තත්ත්වයක් පැන නැගුණ විටදී ඔවුන් උදෙසා මැදිහත් වෙමින් ධීවර අයිතීන් දිනා ගැනීම උදෙසා කටයුතු කරන මෙම උතුරු පළාත් ධීවර එකතුව තිරසර ධීවර කර්මාන්තයක් නිර්මාණය කිරීම උදෙසා ක්‍රියාකාරි වන කණ්ඩායමකි. ඒ අනුව, උතුරු පළාත් ධිවර එකතුවේ දිස්ත්‍රික් ක්‍රියාකාරින්ගේ වැඩමුළුව 2021 නොවැම්බර් මස 15 වන දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරිහි පැවැත්විණ.

 මෙහිදි ප්‍රධාන ලෙස උතුරු පළාත් ධීවර එකතුවේ වත්මන් ක්‍රියාකාරිත්වය ව්‍යූහය නිර්මාණය වී ඇති ආකාරය සිතියම් ගත කිරීම හා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ධීවරයින්ගේ දත්ත රැස් කිරීම මෙන්ම, උතුරු පළාත් ධීවර එකතුවේ ශක්තීන් දුර්වලතා මෙන් තර්ජන පිළිබඳව මෙහිදි අදහස් බෙදා ගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමය හා තිරසර සංවර්ධනය සඳහා වු ජනතා සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද උප සභාපති ජෝශොප් ප්‍රැන්සිස් මහතා ද උප ලේකම් ඈන් රීටා මහත්මිය ද උතුරු පළාත් සම්බන්ධිකාරක තඩ්සාජනි තවච්සෙල්වම් කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධිකාරක සදීෂ් මහතා හා අමලජීවනී මෙනවිය ද මන්නාරම් දිස්ත්‍රික් සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.