Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

"Mission Inclusion" ව්‍යාපෘතිය යටතේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා උදව් උපකාර කළ ගෘහමූලික කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම පිළිබඳව සාකච්ඡාව, පුත්තලම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය, 2021.11.01

"2019 සහ 2020" Mission Conclusion  යටතේ ජීවන මාර්ග නගා සිටුවීම යටතේ උදව් උපකාර කළ කාන්තා ගෘහමූලික පවුල් 30 ක කාන්තාවන් සමඟ සාකච්ඡාවක් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පුත්තලම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ 2021 නොවැම්බර් මස 29 වන දින එම ගම්මානයේදී පැවැත්විණ. මෙම සාකච්ඡාව ප්‍රධාන අරමුණ තුනක් යටතේ පැවැත්විණි. එනම් ජීවන මාර්ග නඟා සිටුවීමෙන් පසු ගම්මානයේ ගෘහමූලික කාන්තා පවුල්වල ආර්ථික තත්ත්වයේ වත්මන් තත්ත්වය හා ඒ සඳහා අලුතින් සාමාජිකාවන් ඇතුලත් කර ගනු ලැබුවේ ද ජීවන මාර්ග සඳහා උදව් උපකාර කිරීම යටතේ ලබා දුන් සත්ත්වයින් භාණ්ඩ පසු ගම්මානයේ ආර්ථික තත්ත්වය කෙසේ ද? ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ විසින් සංවිධානය කරන පොදු වැඩසටහන් සඳහා කොතරම් දායකත්වයක් ලබා දෙන්නේ ද? යන්න ගැඔුරින් සාකච්ඡා කළහ මෙම සාකච්ඡාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය දපුත්තලම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ලොයෙල් පිරීස් මහතා ද පද්මනාදන් මහතා ද සියාද් මහතා ද ස්වේච්ඡා සාමාජික නෆ්රා හා මුන්නාස් යන අයවරුන් මේ අව්ස්ථාව සඳහා සම්බන්ධ වූහ.