Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

"Mission Inclusion" ව්‍යාපෘතිය යටතේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා වන ගෘහමූලික කාන්තාවන්ගේ තොරතුරවල නිරවද්‍යතාවය සොයා බැලීම,කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය,2021.11.09

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් මෙහෙයවනු ලබන Mission Inclusion ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේ සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය, ජිවනෝපාය නගා සිටුවීම සඳහා තෝරා ගත්, ඇඳුම් මසන කාන්තාවන්, ආහාර නිෂ්පාදනය කරන කාන්තාවන්, සත්ත්ව පාලනයේ කරන කාන්තාවන්,සිල්ලර බඩු විකුණන කාන්තාවන්ගේ තොරතුරුවල, සත්‍ය, අසත්‍ය සහතික කර, ඔවුන් ඒ සඳහා සුදුසු ප්‍රතිලාභීන් ද යන වග සොයා බැලීම 2021 නොවැම්බර් මස 09 වන දින කිලිනොච්චි,පූනගරි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය කාර්යාලයේදී සිදු විය. එම අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිනි, ලවීනා හසන්ති මහත්මිය ද,  කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක සදීෂ් සත්‍යවරම්  මහතා ද අමලජිවනී මහත්මිය සම්බන්ධ වූහ.