Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

උතුරු පළාත් එක්සත් කාන්තා සම්මේලනය, 2022 ජනවාරි 25,வடமாகாண ஐக்கிய பெண்கள் சம்மேளனம் 25.01.2022

කිලිනොච්චි, මුලතිව්, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවල සහභාගිත්වයෙන් පැවති උතුරු පළාත් එක්සත් කාන්තා සම්මේලනය 2022 ජනවාරි මස 25 වන අඟහරුවාදා දින යාල්පාඩි හෝටලයේදී කාන්තාවන් 25 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි උතුරු පළාත් කාන්තා සම්මේලනය ලෙස නම් කළ මෙය පසුව සියලු දෙනාගේම එකඟතාවය මත උතුරු පළාත් එක්සත් කාන්තා සම්මේලනය ලෙස නම සංශෝධනය කරන ලදී. මෙහිදි උතුරු පළාත් එක්සත් කාන්තා සම්මේලනය නිලතල වෙනස් කොට එය නැවත පිහිටුවීම මෙදින සිදුවිය. මෙහිදි උතුරු පළාත් එක්සත් කාන්තා සම්මේලනයක අවශ්‍යතාවය පිළිබඳව එසේ ක්‍රියාත්මක වීමේදී මතු වන අභියෝග හා උතුරු පළාත් එක්සත් සම්මේලනයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කණ්ඩායම්වලට බෙදි සාකච්ඡා කරන ලදී.
 කාන්තා සම්මේලනයේ ඉදිරියට ගමන් කිරීමේදී පොදු කාරණා 03 සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. උතුරු පළාත් ඉඩම් ගැටලුව, ධීවර ගැටලු මෙන් ම අත්දැකීම් හුවමාරුව සහ අප්‍රියෙල් මස කිලිනොච්චි දිස්ත්‍රික්කයේ එකතුව සමඟ සාකච්ඡා කිරීම වශයෙන් මෙහි සඳහන් කරුණු පිළිබඳව කටයුතු සූදානම් කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යෘපාරයේ සාමය හා තිරසර සංවර්ධනය සඳහා වු ජනතා සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇත්තනී ජේසුදාසන් මහතා ද කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද සහභාගි වූහ.
கிளிநொச்சி, முல்லைத்தீவு, மன்னார், யாழ்ப்பாணம் ஆகிய மாவட்டங்களின் பங்களிப்பில் இந்நிகழ்வு 25.01.2022 ல் யாழ்பாடி விருந்தினர் விடுதியில் 25 பெண்களுடன் நடைப்பெற்றது. ஆரம்பத்தில் வடமாகாண பெண்கள் சம்மேளனம் என பெயரிடப்பட்ட இது பின்பு அனைவரதும் உடன்பாட்டுடன் வடமாகாண ஐக்கிய பெண்கள் சம்மேளனம் என பெயரிடப்பட்டது. அன்று புதிய நிர்வாக குழு அமைக்கப்பட்டது. அங்கு இச்சம்மேளனத்தின் சேவைகள் தொடர்பாகவும் செயற்படும்போது முகம் கொடுத்த சவால்கள் , செயற்பாடுகள் தொடர்பாக குழுக்களாக பிரிந்து கலந்துரையாடப்பட்டது. இதை தொடர்ந்து செயற்படுத்தும் போது 3 பொது விடயங்கள்  தொடர்பாக கலந்துரையாடப்பட்டது. வடமாகாண காணி பிரச்சினைகள், மீனவ பிரச்சினைகள் போலவே அனுபவ பகிர்வு மற்றும் சித்திரை மாதம் கிளிநொச்சி மாவட்டத்துடன் உரையாடுவதற்கு இங்கு குறிப்பிடப் பட்ட காரணங்கள் தொடர்பாக நடவடிக்கைகள் எடுக்கப்பட்டன. இங்கு தேசிய மீனவ ஒத்துழைப்ப இயக்கத்தின் சமாதானம் மற்றும் நிலைபேறான அபிவிருத்தி தொடர்பான மக்கள் ஒன்றியத்தின் இணைப்பாளர் திரு. அன்டனி ஜேசுதாசன் பெண்கள் திட்ட இணைப்பாளர் திருமதி. லவினா ஹசன்தி கலந்துக் கொண்டனர்.