Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මාතර දිස්ත්‍රික් පහළ අතුරලිය ආපදා කළමනාකරණ හා පාරිසරික කෘෂිකර්ම සමිතියේ තෙවන සාන්වත්සරික සැමරුම 2022 ජනවාරි මස 29 වන සෙනසුරාදා දින

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරය විසින් දිසිත්‍රික් සියල්ලේම ආපදා කළමනාකරණ කමිටු පිහිටුවන්නට කටයුතු කළ අතර එහි අරමුණ වූයේ ආපදා පාත්‍රි අවස්ථාවක ඒ සඳහා සක්‍රීය දායකත්වය ලබා දීමත් ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ලබා ගැනීමත් ය. ඒ අනුව යමින් දකුණේ ධීවර සංවිධානය මාතර සංවිධානය විසින් 2019 වර්ෂයේ ගොඩනගන ලද අතුරුලිය ග්‍රාමය මුල්කර ගත් ආපදා කළමනාකරණ හා පාරිසරික කෘෂිකර්ම සමිතියේ තෙවන සාන්වත්සරික සැමරුම 2022 ජනවාරි මස 29 සෙනසුරාදා දින එම සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වය මත අතුරලිය ගම්මානයේදී පැවැත්විණ. මෙහිදි අවුරුදු 03 ක කාලයක් තුළ කළමනාකරණ හා පාරිසරික කෘෂිකර්ම සමිතියක් ලෙස කළ මෙහෙවර මෙහිදි සාකච්ඡා කළ අතර  ඒ සඳහා ඇගයීමක් ද සිදු කරන ලදී.  පුරා වසර 03 තුළ කාබනික ගෙවතු වගාව, පැළ සිටුවීම සහ මත්ද්‍රව්‍ය නිවරණ වැඩසටහන් සිදු කිරීම ඔවුන් දැක්වු අනගිභවනීය නායකත්වය හා දැයකත්වය අගයමින් සහතික පතක් මෙහිදි ලබා දෙන ලදී. මේ සඳහා දකුණේ ධීවර සංවිධානය මාතර සම්බන්ධිකාරක වසන්ත මහතා ආරාධිත වශයෙන් පැමිණි අතර මධුක සම්පත් ආනන්ද මහතා සහ සහන් ය නඅය මේ සඳහා සම්බන්ධ වූහ.