Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට බල කරන දීප ව්‍යාප්ත අත්සන් ව්‍යාපාරය,2022 පෙබරවාරි මස 25 වන සිකුරාදා දින මීගමුව ප්‍රධාන බස් නැවතුම් පල අසල

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා අනෙකුත් සිවිල් සංවිධාන එක්ව සංවිධානය කළ ත්‍රස්තවාදය වැලැක්වමේ පනත අහෝසි කිරීමට බල කරන දීප ව්‍යාප්ත අත්සන් ව්‍යාපාරය 2022 පෙබරවාරි මස 25 වන සිකුරාදා දින මීගමුව ප්‍රධාන බස් නැවතුම් පල අසල දී ආරම්භ විය. ත්‍රස්තවාදය නමින් මහ ජනතාවගේ සහ සමාජ ක්‍රියාකාරීන්ගේ හඬ යටපත් කිරීමට ඉඩ සලසා තිබීම වසර 02 කට අධික කාලයක් වුවත් අත්අංඩගුවේ රඳවා ගැනීමෙන් පසුව කිසිදු චෝදනාවක් නොමැතිව නිදහස් කිරීමෙන් සිදුවන මානව හිමිකම් කඩවීම ආදී කරුණු රැසක් මෙම පනත මඟින් සිදුවන නිසා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස රජයට හා අදාළ වගකිව යුත්තන්ට බල කරමින් ආරම්භ කළ මහජන අත්සන් ව්‍යාපාරය විශාල ජන සංඛ්‍යාවගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත මඟින් ජනතාවට සිදුවන අගතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජනතා නියෝජිතයින් ආගමික නායකයින් ද සිවිල් සංවිධාන නායකයින් ද ඔවුන්ගේ වටිනා අත්සන මේ සඳහා ලබා දුන්හ.