Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විලංකුලම ග්‍රාමයේ මාසික හමුව හා ශ්‍රමදානය,2022 පෙබරවාරි 06

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සක්‍රීය දිස්ත්‍රික් සංවිධානයක් වන ත්‍රිකුණාමල ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් විලංකුලම ග්‍රාමයේ මාසික හමුව සහ ශ්‍රමදානයක් 2022 පෙබරවාරි 06 පැවැත්විණි. මෙහිදි මාර්තු මස පැවැත්වීමට නියමිත ජගත් කාන්තා දිනය මෙන් ම විලංකුලම ගම්මානයේ මාසික හමුවේ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිශක්කා මහත්මිය සම්බන්ධ වූවා ය.