Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

"ඉන්දියන් ට්‍රෝලර් යාත්‍රා අපගේ මුහුද ආක්‍රමණයට තිරසර විසඳුම් ලබා දෙනු" දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය හා පා ගමන 2022 පෙබරවාරි මස 23 බදාදා දින, කොළඔ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට

 "ඉන්දියන් ට්‍රෝලර් යාත්‍රා අපගේ මුහුද ආක්‍රමණයට තිරසර විසඳුම් ලබා දෙනු" යන තේමා පාඨය පෙරදැරිව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව විසින් සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය හා පා ගමන 2022 පෙබරවාරි මස 23 බදාදා දින, කොළඔ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පැවැත්විණ. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය හුදකලා ව්‍යාපාරයක් නොව, විශාල ධීවර ප්‍රජාවගේ දැවැන්ත සහභාගිත්වයෙන් සෑදුණු ප්‍රබල විරෝධතා ව්‍යාපාරයකි. බොහෝ කලක් සිට, විවිධ අවස්ථාවලදී ඉන්දියන් ට්‍රෝලින් ආක්‍රමණය පිළිබඳව ආණ්ඩුව දැනුවත් කළත් එහි ධනාත්මක ප්‍රතිඵලයක් නොලැබුණු විට දී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කරන ලදී. 

 එමෙන්ම, අද වන විට ඉන්දියන් ධීවරයින් විටින් විට උතුරු මුහුදේ කරන මසුන් ඇල්ලීම හා තහනම් පන්න භාවිතා නිසා මෙරට ධීවර කර්මාන්තය දිනෙන් දින මරු කටට යන අවාසනාවන්ත තත්ත්වයට උදා වී ඇත. ජාත්‍යන්තර දේශ සීමා නීති උල්ලංඝණය කරමින් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාවට පැමිණ, විශේෂයෙන්, උතුරු මුහුදු සීමාවට පැමිණ තහනම් පන්න භාවිත කරමින් මසුන් ඇල්ලීම නිසා මෙරට ධීවරයා මෙන් ම ධීවර කර්මාන්තයට උදා වී ඇත්තේ අවසානාවන්ත ඉරණමකි. දිනෙන් දින ඉහළ යන මෙම තත්ත්වය හමුවේ එහි අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස උතුරේ ධීවරයින් දෙදෙනකුට පාවා සිය ජිවිතය පවා අහිමි වූහ. උතුරේ ධීවරයින්ට පමණක් නොව සමස්ත මෙරට ධීවර කර්මාන්තයට මේ තත්ත්වය තිරසර විසඳුම් ලබා නොදුනහොත් මෙරට ධීවර කර්මාන්තයට කන කොකා හඬන දිනය වැඩි ඈතක නොවන්නේ ද නැත විටින් විට උතුරේ ධීවරයින් යාපනය, කිලිනොච්චය, අම්පාර වැනි ස්ථානවල උතුරේ ඉන්දියන් ට්‍රෝලින් ආක්‍රමණය පිළිබඳව ලිපි සන්දේශ හා උද්ඝෝෂණ දියත් කළ අතර එහි දිගුවක් ලෙස පෙබරවාරි 23 වන දින කොළඔ සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය නියෝජනය කරමින් එහි දිස්ත්‍රික් සංවිධාන 14 නියෝජනය කරමින් ධීවරයින් ධීවර නායකයින් ධීවර සමූපාකාර නායකයින් ධීවර කාන්තාවන් ගෘහමූලික කාන්තාවන්, තරුණ තරුණියන්, ප්‍රාදේශීය දිස්ත්‍රික් මාධ්‍යකරුවන් වාර්තාකරුවන් ද පැමිණ සිටි අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා ද ප්‍රාදේශීය හා ජාතික තලය නියෝජනය කරමින් ජනතා නියෝජිතයන් ද මාධ්‍යවේදීන් ද පුවත්පත් වාර්තාකරුවන් ද ආදී විශාල ජන පිරිසක් මේ අවස්ථාව සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කොළඔ කොටුව ප්‍රධාන දුම්රය පොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් ගමන් කළ අතර අවසානයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේදී යම් සාකච්ඡාවක් සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ හර්මන් කුමාර මහතා ද ඇන්තනී ජේසුදාසන් මහතා ද උතුරු පළාත් ධීවරයින්ගේ එකතුවේ සභාපති සුබ්‍රමනියම් මහතා ධීවර කර්මාන්තය මුහුණ දී ඇති අවසනාවන්ත ඉරණම පිළිබඳව සාකච්ඡාවක් සඳහා එක් වූහ.