Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

තරුණ නායකත්ව පුහුණුව සහ වාර්ෂික තරුණ මහ සභාව,2022 පෙබරවාරි 25 සිට 27 දක්වා

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරයේ වාර්ෂික මහ සභාව සහ නායකත්ව පුහුණුව 2022 පෙබරවාරි මස 25 සිට 27 දක්වා දිස්ත්‍රික්ක 14 කින් පැමිණ තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නුවර දිගන ඔරුතොට හීදි පැවැත්විණ. මෙම නායකත්ව පුහුණු වැඩමුළුවේදී තරුණ ප්‍රජාවගේ නායකත්වය හැකියාව අදාළ කරුණු කාරණා රැසක් මෙහිදි සාකච්ඡා කරන ලදී. ප්‍රධාන වශයෙන් ගැටුම් කළමනාකරණය සහ ගැටුම් නිරාකරණය කිරීම සන්නිවේදනය, විශ්වාසය අභියෝග සහ අභියෝග ජය ගැනීම සම්බන්ධයෙන් ප්‍රයෝගික ක්‍රියාකාරම්වල නිරත වීමෙන් පෙන්වා දෙන ලදි. මෙම අවස්ථාව තරුණ තරුණියන් වශයෙන් ඔවුන්ට ඔවුන්ගේ හැකියා දක්‍ෂතා මැන බැලීමට කදිම අවස්ථාවක් වූ බව ඔවුන්ගේ අදහසයි මෙම අවස්ථාවේදී ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතා තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ කටයුතු සම්බන්ධිකාරක ලක්සිරි ප්‍රනාන්දු මහතා ද නාලක රොසිරෝ මහතා ද ප්‍රියංකර කොස්තා මහතා ද ප්‍රැන්සිස් රාජන් මහතා ද මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වූහ.