Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඉන්දියන් ට්‍රෝලින් ආක්‍රමණයට එරෙහිව මුලතිව් දිස්ත්‍රික්කයේ තෙන්ඩ්‍රල් කාන්තාවෝ ඉදිරියට,2022 පෙබරවාරි මස 04 වන දින

උතුරු නැගෙනහිරි ප්‍රදේශයේ අනවසරින් මෙරට මුහුදු සීමාවට විටින් විට ඇතුළු වන ඉන්දියන් ට්‍රෝලින් ආක්‍රමණට එරෙහිව මුලතිව් දිස්ත්‍රික්කයේ තෙන්ඩ්‍රල් කාන්තා සංවිධානයේ කාන්තාවන් ද 2022 පෙබරවාරි මස 04 වන දින උද්ඝෝෂණයක් සංවිධානය කරන ලදී මෙම අවස්ථාව සඳහා එම කාන්තා සංවිධානයේ ක්‍රියාකාරි සමාජිකාවන් රැසක් සහභාගි වූහ කාන්තාවන් ධීවර කර්මාන්තයට ලබා දෙන දායකත්වය වචනයෙන් විස්තර කළ නොහැක මේ අනුව වර්තමානයේ විශාල ගැටලුවක් හා අර්බුදයක් බවට පත් ව ඇති ඉන්දියන් ට්‍රෝලින් ගැටලුව නිසා ධීවර කාන්තාවන් ද විශාල අර්බුදයකට ලක් ව ඇත මේ බව අවධාරණය කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ තෙන්ඩ්‍රල් කාන්තා සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී.