Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

වෘත්තීය ධීවර සමිතියේ මාසික රැස්වීම, අම්පාර දිස්ත්‍රික්කය, 2020 මාර්තු 17

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික ධීවර වෘත්තීය සමිතියේ මාසික රැස්වීම 2022 මාර්තු මස 17 වන දින පසර්ච්චේනෛයි 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි ජනවාරි පෙබරවාරි සහ මාර්තු යන මාසවල අම්පාර ධීවර වෘත්තීය සමිතියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. එමෙන්ම, ඉන්දියන් ට්‍රෝලින් ආක්‍රමණයට එරෙහිව කොළඔ පැවැත්වු උද්ඝෝෂණය සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් ඉදිරිපත් කරන ලදී. ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තිය පිළිබඳව දැනුවත් කිරීම හා සාකච්ඡා කර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අනාගත සැලසුම් සම්බන්ධව මෙහිදි සාකච්ඡා කරන ලදී. පසරිච්චේනෛයි මුහුදු වෙරළ පිරිසිදු කිරීම, ධීවරයින්ට බලපාන ඉන්ධන පිළිබඳව මාධ්‍ය හමුව, ධීවර හැඳුම්පත් නොමැති පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබා දීමට කටයුතු කිරීම, කුඩාකල්ලිවල වැලි ගොඩ දෑමීමේ ගැටලුව, දිළිඳු ශිෂ්‍යාවන් හට අධ්‍යාපන උපකරණ ලබා දීම, සහ ආරගම්බේ වෙරළ තීරයේ පොදු වැසිකිලි සඳහා ස්ථාන වෙන් කිරීම යන තීරණ මෙහිදි සාකච්ඡා කරන ලදී.