Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

උතුරු පළාත් ධීවර එකතුවේ මහ සභා රැස්වීම, 2022 මාර්තු මස 07 වන සඳුදා

උතුරු පළාත් ධීවර එකතුවේ මහ සභාව 2022 මාර්තු මස 07 වන සඳුදා දින යාපනය, යාල්පාඩ් හෝටයේදී පැවැත්විණ. මෙහිදි වර්තමානයේ ධීවරයින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක් සිදු කළ අතර එහිදි, ගැටලු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කරන ලදී. විශේෂයෙන්, උතුරු පළාත් ධීවර එකතුවේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා නව නිලධාරි මණ්ඩලයක් ද අභිනවයෙන් තෝරා ගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා ධීවර නායකයින් ද ධීවර කාන්තාවන් ද සහභාගි වු අතර උතුරු පළාත් ධීවර එකතුවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් සැලසුම් කිරීම සඳහා තාක්‍ෂණය ඔස්සේ රැස්වීමක් සංවිධානය කිරීමට ද මෙහිදි තීරණය විය. මෙම අවස්ථාව සඳහා, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා ද සාමය හා තිරසර සංවර්ධනය සඳහා ජනතා අතර සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද කාන්තා සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය ද සම්බන්ධ වූහ.