Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ගමනාමනයට සුදුසු මාර්ගයක් ඉල්ලා දියත් කළ මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය, කිලිනොච්චි දිස්ත්‍රික්කය, 2022 මාර්තු 22 වන අඟහරුවාදා දින

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වලෛයිඩාඩු කිරාන්චි වේරවිල් සහ පාලාවි යන ගම්මානවලට අයත් ජනතාව යාපනය මන්නාරම මාර්ගයේ විශේෂයෙන් වලෛයිපාඩු හන්දියේ 2022 මාර්තු 22 වන අඟහරුවාදා දින උද්ඝෝෂණයක් සංවිධානය කරන ලදී. මෙම උද්ඝෝෂණය වලෛයිපාඩු හන්දියේ සිට කිලෝමීටර් 12 පමණ වු ඇතුළු පාර ප්‍රතිසංස්කරණය කර දෙන බල කරමින් යාපනය මන්නාරම මාර්ගයේ වසා පැය 03 කාලයක් උද්ඝෝෂණයේ නියැලුණි. 

මෙයට පෙර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සංවිධානය විසින් අරුම්බු කාන්තා සංවිධානය විසින් පෙත්සම් ලබා දුන්නත් ඒ පිළිබඳව කිසිදු විසඳුමක් ලබා නොදුන් බව සඳහන් කළ හැක. පසුගිය 2021 වර්ෂයේ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සමඟ බද්ධ වෙමින් අරුම්බු දිස්ත්‍රික් කාන්තා සංවිධානය පෙත්සමක් ලබා දුන්න ද මාර්ගය පිළිසකර කිරීම සඳහා වැලි සහ ගඩොල් වැනි දෑ ගෙනත් තිබුණ ද පසුව එම අමුද්‍රව්‍ය ඉවත් කර ගැනීමක් සිදු විය. අරුම්බු කාන්තා සංවිධානය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සමඟ එක්වෙමින් විට විට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර පසුව අරුම්බු කාන්තා සංවිධානය විසින් ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති කාන්තා සමිති හා ධීවර සමිති සමඟ සාකච්ඡා කරමින් 2022 මර්තු මස 22 වන උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. මෙයට සහයෝගය දැක්වීම සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමය තිරසර සංවර්ධනය සඳහා ජනතා සංවාදය සහ කාන්තා අංශය මේ සඳහා සහයෝගය දක්වන ලදී. ප්‍රදේශීය ලේකම් කාර්යාලය හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු පැමිණ පොරොන්දුවක් ලබා දිය යුතුය උද්ඝෝෂකයින්ගේ අදහස විය. පැය 03 පමණ කිසිදු නිලධාරියෙකු සම්බන්ධ නොවු අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයේ සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්‍ෂක පැමිණ අප්‍රියෙල් මාසය වන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන බව සඳහන් කරන ලදී. එම පොරොන්දුව ඉටු නොවුණහොත් නැවතත් අරුම්බු දිස්ත්‍රක් කාන්තා සංවිධානය හා කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතාව එක්ව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන බව මෙහිදි සඳහන් කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමය හා තිරසර සංවර්ධනය සඳහා වු ජනතා සංවාදයේ වැඩසටහන් සම්බන්ධකාරක ඇන්තනී ජේසුදාසන් මහතා හා කාන්තා අංශයේ සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය ද කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධිකාරක සදීෂ්වරන් මහතා ද ක්‍රියාකාරිනි අමලජිවනී සහ ජෙයරානි යන සම්බන්ධ වූහ.