Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික්, නැගෙනහිර වඩවරත්තායි ප්‍රදේශයේ ධීවරයින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමක් 2022 පෙබරවාරි මස 28 දින

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සක්‍රීය ක්‍රියාකාරිත්වයකින් යුතු දිස්ත්‍රික් සංවිධානයක් වන යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් නැගෙනහිර වඩවරත්තායි ප්‍රදේශයේ ධීවරයින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමක් 2022 පෙබරවාරි මස 28 දින සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා, සජීවිකා තඩ්සාජනි තෙවච්චේල්වම් මෙනවිය ද චිත්‍රා මෙනවිය ද තරුණ ව්‍යාපාරයේ උප සභාපති පුවින්තන් මහතා සම්බන්ධ වුහ.