Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විලංකුලම ගම්මානයේ විලංකුලම කාන්තා රැස්වීම,2022 මැයි මස 22 වන ඉරුදින

 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විලංකුලම ගම්මානයේ විලංකුලම කාන්තා රැස්වීම 2022 මැයි මස 22 වන ඉරුදින එම ගම්මානයේදී පැවැත්විණ. මෙහිදි කාන්තා සමිතිය ලියාපදිංචි කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කොට හැකි ඉක්මනින් එම කටයුතු අවසන් කොට ණය මුදල් සාමාජිකත්වය අතර බෙදා දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක කේ එච් නිශාකා මහත්මිය සහභාගි වූවා ය.