Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරයේ අලුත් අවුරුදු උත්සවය, 2022 අප්‍රියෙල් මස 30 වන ඉරුදින

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරය විසින් සංවිධානය කළ අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවය 2022 අප්‍රියෙල් මස 30 වන ඉරුදින මුන්නකරය අලියාපොල භුමියේ දිස්ත්‍රික්ක ගණනාවක තරුණ තරුණියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ප්‍රථම වරට ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ ව්‍යාපාරයක් ලෙස නායකත්වය ගනිමින් ඔවුන්ගේ තරුණ ශ්‍රමදායකත්වයෙන් මෙම අලුත් අවුරුදු උත්සවය සංවිධානය කරන ලදී තරුණ ව්‍යාපාරයේ සහභාපතිවරුන්ගේ මූලිකත්වයෙන් සංවිධාන වු අලුත් අවුරුදු උත්සවය සඳහා විශේෂාංග ගණනාවකින් වර්ණවත් වූහ. තරුණ තරුණියන් අතර සුහදත්වය හා සන්හිඳියාව වර්ධනය කර ගැනීම සඳහා ඔවුන් විසන් සංවිධානය කළ අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවය බොහෝ සෙයින් දායක වුහ. අලුත් අවුරුදු ක්‍රීඩා ගණනාවක් තරුණ තරුණයන් විසින් සංවිධානය කළ අතර එහිදි දිස්ත්‍රික්ක අතර තරුණ ක්‍රියාකාරිත්වය වර්ධනය වීම සඳහා මූලික හේතුවක් විය.