Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

(Btfw) ව්‍යාපෘතිය 2023 ඇගයීම් සඳහා සූදානම් වීමේ වැඩසටහන අප්‍රියෙල් මස 26 සිට 29 දක්වා, සත්තානා ඥාන කාන්නි මධ්‍යස්ථානය, ගලහා

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් දිස්ත්‍රික්ක 15 පුරා ක්‍රියාත්මක වන බ්‍රෙඩ් වෝ ද වල්ඩ් ව්‍යාපෘතිය (Btfw) 2023 ඇගයීම් සඳහා සූදානම් වීමේ වැඩසටහන අප්‍රියෙල් මස 26 සිට 29 දක්වා පුරා දින හතරක් ගලහා සත්තානා ඥාන කාන්නි මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සම්බන්ධිකාරකවරුන්ගේ ඇතුළු සහභාගිකයින් 32 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි 2023 වර්ෂයේ බ්‍රෙඩ් වෝ ද වල්ඩ් ව්‍යාපෘතිය (Btfw) යටතේ ක්‍රියාත්මක වන්නට නියමිත ඇගයීම් ක්‍රියාවලිය සඳහා දිස්ත්‍රික් සම්බන්ධිකාරකවරුන් ඇතුළු දිස්ත්‍රික් සාමාජිකත්වය සූදානම් කිරීම උදෙසා මෙම පූර්ව ඇගයීම් ක්‍රියාවලිය පැවැත්විණි. මෙහිදි මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්ක සහ දර්ශක හඳුනා ගැනීමත් ඇගයීම් ක්‍රියාවලියේදී මුහුණ දෙන්නට වන අභියෝග සහ ඒවාට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳව ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා සහභාගිකයින් දැනුවත් කළේ ය. ව්‍යාපෘතිය තුළ ළගා වු ඉලක්ක සහ ළඟා කර ගත් දේ පිළිබඳව මෙහිදි සාකච්ඡා විය මෙහිදි ධීවර ප්‍රතිපත්තිය අයි.එල්. ඕ (ILO) සම්මුතිය බලගැන්වීම නීල ආර්ථිකය තහනම් පන්න පිළිබඳ නීතිය බලාත්මක කිරීම පිළිබඳව ප්‍රතිපත්ති සම්බන්ධිකාරක නාලක රොසයිරෝ මහතා සහභාගිකයින් දැනුවත් කළේ ය පසුව ප්ලාස්ටික්වලට එරෙහි ක්‍රියාකාරිත්වය ආපදා කළමනාකරණය වාර්ෂික තරුණ ක්‍රියාකාරිත්වයට අදාළ තරුණයින්ගේ ක්‍රියාකාරිත්වය සිදුසර පුවත්පතේ භාවිතය තරුණ කටයුතු සම්බන්ධිකාරක ලක්සිරි ප්‍රනාන්දු මහතා විසින් සිදු කළේ ය. තරුණ නායකයින් සමාජ දේශපාලන දැනුමෙන් සන්නද්ධ කිරීම හා නායකත්ව කඳවුරු තුළින් තරුණයින් පුහුණු කිරීම පිළිබඳව ප්‍රජා අභිලාෂ ජාලයේ සම්බන්ධිකාරක ප්‍රියංකර කොස්තා මහතා සහභාගිකයින් දැනුවත් කළේ ය සන්ක්‍රාන්ති යුක්තිය පිළිබඳව සාමය හා තිරසර සංවර්ධනය පිළිබඳව ජනතා සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා මූල්‍ය කළමනාකරණය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ ආයතන ගණකාධිකාරක සාන්තකුමාර මහතා විසින් ද ආයතනයේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳව පරිපාලන නිලධාරි ප්‍රදීප් වනිගසූරිය මහතා විසින් සිදු කරන ලදී.