Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

නැගෙනහිර පළාත් ඉඩම් අයිතිය සඳහා වු ජනතා එකතුවේ රැස්වීම 2022 ජුනි මස 29 වන බදාදා දින

නැගෙනහිර පළාත් ඉඩම් අයිතිය සඳහා වු ජනතා එකතුවේ රැස්වීම 2022 ජුනි මස 29 වන බදාදා දින මඩකලපුව සමූපාකාර ශාලාවේදී පැවැත්විණ. අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ප්‍රජා නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් 24 දෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. මෙහිදි රටේ වත්මන් තත්ත්වය පිළිබඳව එයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කළහ. දෙවනුව බඩගින්නෙන් මිදීම සඳහා සෑම නිවසකම ගෙවත්තක් නිර්මාණය කළ යුතු බවට යෝජනා විය. ඒ සඳහා විධිමත් ස්වයංපෝෂි ඒකකයික් ලෙස ගොඩනගන අතර නිෂ්පාදන සඳහා ජාලයක් ලෙස ක්‍රියා කළ යුතු බව සැමගේ අදහස විය. එයට අමතරව දැනට සිදුවෙමින් පවතින ඉඩම් කොල්ලය ඉඩම් අත්පත් කර ගැනීම් ආදී මේ සියලු දේ සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සහ පළාත් මට්ටමින් විධීමත්ව කටයුතු කර තොරතුරු හුවමාරු කර ගත යුතු බව සැමගේ අදහස විය. මීලඟ පළාත් එකතුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදු කරන්නට යෝජනා විය. මේ සඳහා සම්පත්දායකත්වය සජීව චාමිකර මහතා මොන්ලා ආයතනය (ඉඩම් හා කෘෂිකර්ම පර්යේෂණ ආයතන) මාලිංග මහතා නීතිය හා සමාජ භාරය (LST) ප්‍රැන්සිස් රාජන් මහතා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ප්‍රියංකර කොස්තා මහතා ප්‍රජා අභිලාෂ ජාලය යනාදී අයවරුන් විසින් මඟපෙන්වීම් කරන ලදී. මෙයට අමතරව අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා ද මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධිකාරක ශර්මිලා මහත්මය යන අය විසින් මෙම අවස්ථාව සංවිධානය කරන ලදී.