Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Awareness training workshop on coconut related products organized by the Women's Division of the National Fishery Cooperation Movement on Tuesday 06 September 2022,ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශයේ මෙහෙයවීමෙන් සංවිධානය කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුව 2022 සැප්තැම්බර් මස 06 වන අඟහරුවාදා දින

The awareness training workshop on coconut-related products organized by the women's section of the National Fisheries Solidarity Movement was held on Tuesday, September 06, 2022 with the participation of 40 rural women at the Galle South Fisheries Office. The primary objective of this workshop is to educate women about coconut related products and contribute to their livelihood. For this training workshop, a development officer and a male officer from the Rathgama Divisional Secretariat, an officer from the Coconut Development Board, an officer from the Vidatha Center, two officers from the Galle District Secretariat, etc., were resourcefully supported by nearly 09 government officials. The discussion was continued by showing a video on how to make coconut related products for rural women.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශයේ මෙහෙයවීමෙන් සංවිධානය කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුව 2022 සැප්තැම්බර් මස 06 වන අඟහරුවාදා දින ග්‍රාමීය කාන්තාවන් 40 සහභාගිත්වයෙන් ගාල්ල දකුණේ ධීවර කාර්යාලයේදී පැවැත්විණ. කාන්තාවන් සඳහා පොල් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර ඔවුන්ගේ ජීවනෝපාය ඉසුරුමත් කිරීමට දායක වීම මෙම වැඩමුළුවේ මූලික අරමුණ යි. මෙම පුහුණු වැඩමුළුව සඳහා රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් සහ නිලධාරි මහතෙකු ද පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරිනියක් ද විදාතා මධ්‍යස්ථානයේ නිලධාරියක් ද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ද ආදී රාජ්‍ය නිලධාරීන් 09 ආසන්න සංඛ්‍යාවක් සම්පත්දායකත්වයෙන් සහය සපයන ලදී. ග්‍රාමීය කාන්තාවන් සඳහා පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ආකාරය පිළිබඳව වීඩියෝවක් ඇසුරින් පෙන්වා ඒයින් සාකච්ඡාව ඉදිරියට ගෙන යන ලදී.

 
An understanding was given about coconut related products and the need for a competitive market and how to achieve it was discussed. The current performance of coir carpet rope weaving sector was also discussed here. The resourcefulness of those who were present expressed that they hope to impart the knowledge and training to manufacture coir-related products by cutting coconut shells, charcoal, coir husks from the stock of products. Ms. Lavina Hasanti, Coordinator of Women's Division of National Fisheries Solidarity Movement, Program Coordinator Mr. Anthony Jesudasan, Ms. Nadika Hemamali and Galle District Coordinator Mr. Dulip Rangajiva joined this event.
 
පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව ගැඔුරු අවබෝධයක් ලබා දුන් අතර මේ සඳහා තරඟකාරි වෙළඳපොලක අවශ්‍යතාවය හා එය සපුරා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙහිදි ඉඳල් කොහු පාපිසි ලණු ඇඔරීම යන අංශවල වත්මන් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන ලදී. නිෂ්පාදන තොග ඉදල් පොල් කටු අඟුරු කොහුබත් පොල්ලෙලි කැබලි කොට විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කොහු ආශ්‍රිත නිෂ්පාදනය කිරීමට දැනුම මෙන් ම පුහුණුව ද ලබා දීමට බලාපොරොත්තු වන බව පැමිණ සිටි සම්පත්දායකත්වය ප්‍රකාශ කරන ලදී. මෙම අවස්ථාවට ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශයේ සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මය වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද නදීකා හෙමමාලි මහත්මිය ද ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකාරක දුලිප් රංගජිව මහතා සම්බන්ධ වූහ. මෙහිදි රාජ්‍ය නිලධාරීන් සමඟ ඉදිරියට සම්බන්ධිකරණ කටයුතු පවත්වගෙන යමින් ඉදිරියට මෙහෙය වීමට මෙහිදි තීරණය විය.