Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

රජ්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කසල කළමනාකරණය රැස්වීම,දකුණේ ධීවර සංවිධානය, 2022 ඔක්තෝම්බර් මස 18 දින, ගාල්ල


කසල කළමනාකරණය වර්තමානයේ කාලීන වැදගත්කමින් යුතු මාතෘකාවකි. එදිනෙදා ඒකාරාශි වන කසල නිසි පරිදි කළමනාකරණය නොකළහොත් සිදු වන්නේ දැවැන්ත පරිසර විනාශයක් හා දූෂණයකි. එම නිසා කසල නිසි පරිදි කළමනාකරණය කිරීමට පියවර ගත යුතුය. රජ්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2022 ඔක්තෝම්බර් මස 18 දින පැවති කසල කළමනාකරණය රැස්වීම සඳහා දකුණේ ධීවර සංවිධානයේ ගාල්ල සංවිධානයේ නදීකා ජයමාලි මහත්මිය සහ දුලිප් රංගජිව ය නඅය සහභාගි වූහ. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ද පරිසරට සන්වේදී මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමේදී කසල කළමනාකරණය පිළිබඳව අවධාරණය කොට ඇත. පරිසර පද්ධතිවල ඒකරාශි වන කසල කළමනාකරණය සිදු කිරීම අනිවාර්ය වේ. එසේ නොවුණහොත් පරිසර පද්ධති ක්‍රම ක්‍රමයෙන් විනාශයට ගමන් කිරීම අප කිසිවෙකුටත් වළක්වාලිය නොහැක. මෙහි එක් සාධනීය පියවරක් ලෙස රජ්ගම කසල කලපුවේ කසල කළමනාකරණය කමිටුව අපගේ ඉල්ලීම පරිදි ආරම්භ කෙරෙණි. ඒ සඳහා රජ්ගම ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ රජ්ගම කලපුව ආරක්‍ෂා කිරීමට බැඳි සිටින සියලුම රාජ්‍ය ආයතන නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. මෙහිදි රජ්ගම කසල කළමනාකරණය සම්බන්ධයෙන් යම් සැලසුමක් සකස් කර ගැනීම සඳහා දකුණේ ධීවර සංවිධානයේ මැදිහත්වීම සිදු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්තුමිය ඉල්ලීමක් කරනු ලැබුවාය. මෙහිදි පළමු වැඩසටහන ලෙස දේවිනිගොඩ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමට යොදා ගන්නා ලදී. මෙහි වගකීම ගාල්ල දකුණේ ධීවර සංවිධානයට බාර දෙන ලදී.