Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ වඩාත් අවධානම් සහගත දිස්ත්‍රික්කවල පීඩාවට පත් ධීවරයින්ගේ ආහාර සුරක්‍ෂිතා අවශ්‍යතා සපුරාලීමේ අරමුණු කර ගත් මෙම වැඩසටහන

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ වඩාත් අවධානම් සහගත දිස්ත්‍රික්කවල පීඩාවට පත් ධීවරයින්ගේ ආහාර සුරක්‍ෂිතා අවශ්‍යතා සපුරාලීමේ අරමුණු කර ගත් මෙම වැඩසටහන 2022 සැප්තැම්බර් මස 12 වන බදාදා සහ 13 බ්‍රහස්පතින්දා යන දිනවල අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පැවැත්විණ. රටේ පවතින ආර්ථික දුෂ්කරතා මත ආපදා පාත්‍රී සුළුපන්න ධීවර ජනතාවගේ ආහාර සුරෂිතතාවය තහවුරු කිරීම උදෙසා තෝරාගත් ධීවර කාර්මීක පවුල් සඳහා මාස 03 දක්වා සහනාධාර ලබා දීමේ වැඩසටහන යාපනය මුලතිව් කිලිනොච්චි මඩකලපුව අම්පාර සහ ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොට පැවැත්වේ. මෙම වැඩ පිළිවෙල සෘජුව ධීවර අමාත්‍යාංශය ධීවර දෙපාර්තමේන්තුව මැදිහත්ව ක්‍රියාත්මක කරයි. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් මෙම පවුල් තොරා ගැනීමේදී අරමුදල් ලබා දීමේදී ඇති වන ගැටලු සම්බන්ධයෙන් මැදිහත්ව ක්‍රියාත්මක වේ. මෙම අධ්‍යයන සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාර හර්මන් කුමාර මහතා පරිපාලන ලේකම් ප්‍රදීප් වනිගසූරිය මහතා මෙම වැඩසටහනේ සම්බන්ධිකාරක අශෝක කරුණාරත්න මහතා සහ දීපා සුභාෂිනි මෙනවිය අය මෙම අවස්ථාවේ මෙහෙයවීම් හා අදාළ උපදෙස් දීම් ලබා දෙන ලදී.