Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පාස්කු ප්‍රහාරයෙන් මිය පුද්ගලයන් හා තුවාල පුද්ගලයින් සිහි කර පැවැත්වු නිහඬ උද්ඝෝෂණය මීගමුව, බාල්දි හන්දිය

පාස්කු ඉරුදින ඉලක්ක කරගනිමින් එල්ල කළ මිලේච්ඡ බෝම්බ ප්‍රහායරට වසර 03 ගත වුවද මෙම සහසික බෝබ්බ ප්‍රහාරයේ මහ මොලකරු තවම නීතියේ ආධිපත්යයේ රැහැනට අසු කර ගැනීමට නොහැකි වී ඇත. පාස්කු බෝම්බ ප්‍රහාරයට දිවි අහිමිවූවන් සහ තුවාලවූවන් සඳහා සත්‍ය හෙළිවන්නේ කවදාද යන්න ඔවුන් ඇඟිලි ගනිමින් සිටි. පාස්කු බෝම්බයේ අඳුරු වළාවන් තවමත් ඔවුන්ගේ දිවි විනාශ කරමින් සිටි. කුරිරු පාස්කු බෝම්බයේ වින්දිතයින් හට යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ඨ වන්නේ කවදාද යන්න ඔවුන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා කෑගසන්නට සෑම මසකම 21 වන දින ඔවුන් සමඟ කඳවුරු බඳින්නට මීගමුව පුරවැසි එකතුවේ සාමාජික සාමාජිකයින් කටයුතු කරයි. 2022 සැප්තැම්බර් මස 21 වන දින එම වගකීම සිය උරහිසට ගනිමින් මීගමුව පුරවැසි එකතුවේ සාමාජික පිරිස සිය නිහඬ විරෝධය මීගමවු කටුවාපිටිය බාල්දි හන්දියේ මෙසේ මුදා හල වගයි.