Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

 තනි පුද්ගල ව්‍යාපාරික සැලැස්ම සකස් කිරීමේ පුහුණුව ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම, දකුණේ ධීවර සංවිධාන කාර්යාලයේ දී 2022 නොවැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා දින

තනි පුද්ගල ව්‍යාපාරික සැලැස්ම සකස් කිරීමේ පුහුණුව ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම, දකුණේ ධීවර සංවිධාන කාර්යාලයේ දී 2022 නොවැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා දින පැවැත්විණ. ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ආදායම් උත්පාදනය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය යටතේ තෝරා ගත් ප්‍රතිලාභීන් 15 සඳහා තනි පුද්ගල ව්‍යාපාරික සැලැස්ම සකස් කිරීමේ පුහුණු වැඩසටහන පැවැත්විණ. මෙම පුහුණුවේදී කොහු කර්මාන්තය, ඇඳුම් මැසීම හා නිමි ඇඳුම් විකිණීම, ආහාර සැකසීම, විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය, කුරුඳු තැලීම, කෘෂි කර්මාන්තය, මාළු වෙළඳාම සහ සුළු වෙළඳාම ආදි රැකියාවල නියැලෙන ගෘහමූලික කාන්තාවන් මෙම තනි පුද්ගල ව්‍යාපාරික සැලැස්ම සකස් කිරීමේ පුහුණුව සඳහා සහභාගි වූහ. මෙම පුහුණුව සඳහා සේපා ආයතනයේ කපිල මහතා සම්පත්දායකත්වය ලබා දුන් අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය, තිරසර සංවර්ධනය හා සාමය සඳහා වු ජනතා සංවාදයේ සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා උපදෙස් හා මඟපෙන්වීම් ලබා දුන් අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරක දුලිප් රංගජීව මහතා ද, සජීවක චන්න මහතා ද තරුණ ව්‍යාපාරයේ සහහෝදරයෙකු ද මෙම පුහුණුව සඳහා සහභාගි වූහ.