Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන හයක තෝරා ගත් ප්‍රතිලාභි ගෘහමූලික කාන්තාවන් (ආන්තික පවුල්වල) සඳහා ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන භාණ්ඩ, උපකරණ හා සතුන් ලබා දීම 2022 නොවැම්බර් මස 28 වන සඳුදා දින

මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන හයක තෝරා ගත් ප්‍රතිලාභි ගෘහමූලික කාන්තාවන් (ආන්තික පවුල්වල) සඳහා ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඔවුන් නියැලෙන ස්වයං රැකියා සඳහා  විශේෂයෙන් ප්‍රතිලාභීන් 20 සඳහා භාණ්ඩ, උපකරණ හා සතුන් ලබා දීම 2022 නොවැම්බර් මස 28 වන සඳුදා දින මුලතිව් රතු කුරුස ශාලාවේදී සිදු කරන ලදී. එහිදි සත්ත්ව පාලනය, ධීවර කර්මාන්තය, ආහාර සැකසීම හා සුළු ව්‍යාපාර සඳහා අවශ්‍ය භාණ්ඩ, උපකරණ හා සතුන් ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය, තිරසර සංවර්ධනය හා සාමය සඳහා වු ජනතා සංවාදයේ සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා උපදෙස් හා මඟපෙන්වීම් ලබා දුන් අතර මුලතිව් දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරක එස්.ප්‍රතාස් මහාතා ද සජීවිකා සජුතා මහත්මිය ද ඉඩම් අයිතිය සඳහා ජනතා සන්ධානයේ (ඡ්ඍඛ) නියෝජිතයෙකු ද ත්‍රෙන්ඩල් දිස්ත්‍රික් කාන්තා කණ්ඩායමේ කාන්තාවන් කිහිප දෙනෙකු ද ආදී 28 මෙම අවස්ථාවට සහභාගි වූහ.