Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ 25 සංවත්සරය සැමරීම තුළ එහි සාමාජිකත්වය සිහිපත් කිරීම පැසසුම් කටයුතුය. අප ව්‍යාපාරය මෙතෙක් දුර රැගෙන ඒමේ යෝධ සවිය වූයේ අප සාමාජිකත්වයැයි සඳහන් කළහොත් එය නිවැරදිය. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අඛණ්ඩ අවුරුදු 10 සම්පූර්ණ කළ අප සාමාජික සාමාජිකාවන්ට සහතික පත්‍ර ප්‍රදානය අවස්ථාව අප උත්සවය වර්ණවත් කළ සුවිශේෂ මොහොතක් වූවාට සැක නැත. මේ අනුව යාපනය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, කිලිනොච්චිය, අම්පාර, ගාල්ල, මාතර, කළුතර, මොනරාගල, පුත්තලම සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල සාමාජික සාමාජිකාවන්ට මෙම සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී.