Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික්කයේ තෝරා ගත් ප්‍රතිලාභි ගෘහමූලික කාන්තාවන් (ආන්තික පවුල්වල) සඳහා ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඔවුන් නියැලෙන ස්වයං රැකියා සඳහා භාණ්ඩ, උපකරණ හා සතුන් ලබා දීම 2022 දෙසැම්බර් මස 0

අම්පාර දිස්ත්‍රික්කයේ තෝරා ගත් ප්‍රතිලාභි ගෘහමූලික කාන්තාවන් (ආන්තික පවුල්වල) සඳහා ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඔවුන් නියැලෙන ස්වයං රැකියා සඳහා  භාණ්ඩ, උපකරණ හා සතුන් ලබා දීම 2022 දෙසැම්බර් මස 03 වන සෙනසුරාදා දින අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙපත්තුව සෝවුඩ් ශාලාවේදී සිදු කරන ලදී. එහිදි සත්ත්ව පාලනය, ධීවර කර්මාන්තය, ඇඳුම් මැසීම හා සුළු ව්‍යාපාර සඳහා අවශ්‍ය භාණ්ඩ, උපකරණ හා සතුන් ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාරතුමන් වන හර්මන් කුමාර මහතා ද කාන්තා සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය, තිරක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද, ආලඩ්වම්බු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව සම්බන්ධිකාරක, ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂකවරයා ද අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක කලන්තන් ඉසයිඩීන් මහතා ද සජීවක කේ.කන්නන් මහතා ද ග්‍රාමීය කාන්තා කමිටුවල නායිකාවන් ද  කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.