Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

"මොනරාගල දිස්ත්‍රික්කයේ අපි ඉඩම් අයිතිය සඳහා වන ක්‍රියාකාරීන් පිරිසක් වන අතර විශේෂයෙන් ජනවාසවල ජනතාවට ඉඩම් අයිතිය දිනා දීම වෙනුවන් වැඩ කරනවා 2022 ගොවීන් 152 ඉඩම් අයිතිය ලබා දීමට අපිට හැකි විම සුවිසල් ජයග්‍රහණයක් ලෙස අපි දකිනවා ඉඩම් අයිතිය සුරැකීම උදෙසා විවිධ ජාල ගත වීම් සමඟ සම්බන්ධ වී කටයුතු අතර ආහාර ස්වෛරීත්වය යටතේ කාබනික කෘෂි ගෙවතු වගා නිර්මාණය කරලා තියෙනවා ඒ වාගේම අපේ තරුණ තරුණියන්ගේ කැපවීම අපි අගේ කරනවා ඔවුන් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ ඇය වැය ලේඛණය පවා ඔවුන් ලබා ගෙන ඇති අතර බීජ බැංකුවක් ද ආරම්භ කරලා තියෙනවා විශේෂයෙන් වැල්ලවාය වරාගම ගම්මානයට ලිපි නොලැබීමේ ගැටලුව ද අපි මැදහත්ව විසඳා ඇති අතර කිලෝමීටරයක පමණ මාර්ගයක් පිළිසකර කර ගැනීමට ද අපිට හැකි වී තිබෙනවා. ඒවාගේම මිරිදිය ධීවර පිරිසක් ද අප සමඟ බද්ධ වී වැඩ කරන එක අපිට ලොකු ශක්තියක් වාගේම කාන්තාවන් ද අපි එක්ක වැඩ කටයුතු කරනවා.........."
ප්‍රේමලතා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා