Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වාර්ෂික මහ සභාව 2023 ජනවාරි මස 10 වන දින ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ශ්‍රවනාගාරයේදී


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වාර්ෂික මහ සභාව 2023 ජනවාරි මස 10 වන දින ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. අප ව්‍යාපාරය සෑම වර්ෂයක් පාසාව මහ සභාව පවත්වන අතර දිස්ත්‍රික්ක 15 ලෙස අප ලබා ගත් සුවිශේෂ ජයග්‍රහණ මෙතෙක් පැමිණි ගමන් මඟේදී අප මුහුණු දුන් බාධක අභියෝගය, සන්ධිස්ථාන හා ශක්තීන් අනෙක් සියලු දිස්ත්‍රික්ක සමඟ බෙදා ගැනීම මෙහි මූලික අරමුණයි. ඇත්ත වශයෙන් ම අපගේ ශක්තිය වනාහි අපගේ සාමාජිකත්වයයි. දිස්ත්‍රික්ක 15 පුරා විහිදුණු අපගේ දිස්ත්‍රික් ක්‍රියාකාරිත්වයේ ගමන් මඟ මෙහිදි සාකච්ඡාවට ලක් කෙරේ. සෑම වසරකම ජාතික කැඳවුම්කාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහ සභාව පවත්වන අතර මෙවර එය පුද්ගලයින් 100 සහභාගිත්වයෙන් ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි. දිස්ත්‍රික්ක 15 ක්‍රියාත්මක අප ව්‍යාපාරයේ වැඩසටහන් සම්බන්ධයෙන් ඔවුන් අත්පත් කර ගත් ප්‍රගතිය සමාලෝචනය හා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය දිස්ත්‍රික්ක 15 පෙරටුකොටගෙන මෙතෙක් පැමිණි ගමන් මගේ අත්පත් කර ගත් සුවිශේෂි ජයග්‍රහණ, ශක්තීන් මෙන්ම අභියෝගය ද මෙහිදි සාමාලෝචනය කරන ලදී. ප්‍රථමයෙන් පරිපාලන ලේකම්තුමා මහ සභාවේ ආරම්භය සනිටුහන් කරමින් ආගමික සිහි කිරීමෙන් පසු ජාතික කැඳවුම්කාරතුමන් වන හර්මන් කුමාර මහතා පිළිගැනීමේ කතාව සිදු කරන ලදී. 

 ඉන් පසුව ජාතික කැඳවුම්කාරතුමන් විසින් සභාව මෙහෙයවීම නිලධාරීන්ට බාර දෙන ලදී. එදින න්‍යාය පත්‍රය ඉදිරිපත් කිරීම හා අනුමැතිය ලබා ගැනීමෙන් පසුව සුවිශේෂි අවස්ථාව උදා විය. එනම් අප ව්‍යාපාරයේ ශක්තිය වන් දිස්ත්‍රික් 15 සාමාජිකත්වයේ මෙතෙක් පැමිණි ගමන් මඟ මහ සභාව ඉදිරියේ තැබීමයි. එනම් දිස්ත්‍රික්ක සංවිධාන ස්වකීය සුවිශේෂි ජයග්‍රහණ ඉදිරිපත් කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම විනාඩි 05 බැගින් ලබා දෙන ලදී. 2022 වර්ෂය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ගමන් කළ දිශානතිය හඳුනාගැනීම හා සුවිශේෂි ජයග්‍රහණ හා අභියෝග මැදින ඉදිරියට ගමන් කළ ආකාරය පරිපාලන ලේකම්තුමා වන ප්‍රදීප් වනිගසූරිය මහතා විසින් ඉදිරිපත් කරන ලදී. ඉන් පසුව අප ව්‍යාපාරයේ ගණකාධිකාරිතුමා ශාන්තිකුමාර් මහතා විසින් 2022 වර්ෂයේ වාර්ෂික ගණකාධිකාරිතුමා වාර්තා සභා ගත කරන ලදී. 2023 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කිරීම ඉන්පසු සිදුව වැදගත් අංගයක් විය. කළමනාකරණ මණ්ඩලය සඳහා සම්බන්ධිකාරකවරයෙකු හෝ සම්බන්ධිකාරකවරියක පත් කර ගැනීම හා ජාතික කමිටු සාමාජිකයෙකු පත් කර ගැනීම සිදු විය. අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නව ලේකම්තුමියගේ ස්තූතියෙන් 2022 වාර්ෂික මහ සභාව අවසානය සනිටුවන් විය.