Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ 2023 වර්ෂයට අදාළ නව නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගැනීම

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ 2023 වර්ෂයට අදාළ නව නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගැනීම සිදු කරන ලදී. එහිදි අභිනවයෙන් සභාපතිවරයා ලෙස යාපනය දිස්ත්‍රික්කයේ ආර්.මුරලිදරන් මහතා පත් වු අතර, උප සභාපතිනිය ලෙස ත්‍රිකුණාමලයේ චන්ද්‍රිකා මහත්මිය තේරි පත් වූහ. නව ලේකම්වරිය ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ එස්.සීතා මහත්මිය පත් වු අතර උප ලේකම්වරිය ලෙස ගාල්ල දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ චන්ද්‍රිකා විජේතුංග මහත්මිය අභිනවයෙන් තෝරා පත් වූවා ය. කාරක සභිකයින් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රේස් මැටිල්ඩා මහත්මිය ද මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒ.එච්.එම්.එස් මොහොමඩ් මහතා ද වී.බාලසුරේෂ් මහතා ද ඒ.ජි.කේ රහුමාන් මහතා ද භාණ්ඩාගාරික ලෙස මොනරාගල දිස්ත්‍රික්කයේ ඩේසිකා පත් වූහ.