Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

 “දිස්ත්‍රික්ක සාමාජිකත්වය අපගේ ශක්තියයි. සෑම වසරක් පාසාම අපි මහ සභාව පවත්වන්නේ අපගේ සාමාජිත්වය හමුවී අපගේ ඉදිරි ගමන නිර්මාණය කරගැනීමටයි. ඇත්ත වශයෙන්ම අප දින මහ සභාව පැමිණි ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගනු ලබනවා. මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක්වන්නේ වර්තමානයේ නව ලිබරල්වාදි ආර්ථකය නාමයෙන් සිදු කරන සෑම ක්‍රියාවක් පාහේ අපගේ සුළුපන්න ධීවරයාට, ගොවියාට, කාන්තාවන්ට, කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී තිබෙනවා. නීල ආර්ථිකය තුළ සාගර සම්පත් කොල්ලකෑම තුළ අසරණ වන්නේ සුළුපන්න ධීවරයා. විවිධ රසායනික පොහොර භාවිතයෙන් අසරණ වන්නේ ගොවියා. මේ සෑම ප්‍රශ්නයක්ම බෙඳුණු ගැටලු නොව සෑම ගැටලුවක්ම එකනෙකට බද්ධ වී ඇත. නව ලිබරල් ආර්ථිකයේ සිදු කරන සංවර්ධන තුළින් ධීවරයා වතු කම්කරුවා ගොවියා ප්‍රතික්‍ෂේප කොට ඇත. මේ සෑම දෙයක්ම කතා කරන විසඳුම් සොයන වේදිකාව වන්නේ අපගේ මහ සභාවයි........................................”