Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

A two-days workshop for the training of local disaster management activists of the district youth groups

A two-days workshop for the training of local disaster management activists of the district youth groups of the National Fisheries Solidarity Movement (Youth Movement for Environmental and Social Change) was held in Negombo on January 14/15. 
The training workshop was held with the aim of creating a group of youth who can act as an intermediary group between the government disaster management mechanism and the community in need and work for the rights and welfare of the disaster-affected people.
A group of 27 people from Monaragala, Matara, Galle, Kalutara, Gampaha, Kurunegala, Polonnaruwa and Trincomalee districts participated in the training program.
Mrs. K.S.N Dias of the Disaster Management Unit of the Negombo Divisional Secretariat, A.M.N Sumathipala and and D.A.L.S. Mr. De Silva, officials of the Disaster Management Unit of the Gampaha District Secretariate Office contributed as resources persons for the program.
The resource persons expressed their willingness to provide support for the registration of the trained rural activists as a community disaster management group members in the respective regional secretariat offices and to provide support according to the need in the future awareness activities.
 
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් තරුණ කණ්ඩායම්වල (පාරිසරක හා සමාජ වෙනසක් සඳහා වන තරුණ ව්‍යාපාරය) ප්‍රාදේශීය ආපදා කළමනාකරණය පිළිබඳවත් ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ දෙදින වැඩමුළුව 2023 ජනවාරි 14 වන සෙනසුරාදා 15 වන ඉරුදින මීගමුවේදී පැවැත්විණ. ආපදා කළමනාකරණයේදී අතරමැදි කණ්ඩායමක් ලෙස රාජ්‍ය යාන්ත්‍රණය හා ජනතාව අතර ක්‍රියාත්මක විය හැකි විය හැකි සහ ආපදා පාත්‍රි ජනතාවගේ අයිතීන් සහ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන දැනුම සහ හැකියා සන්නද්ධ තරුණ පිරිසක් බිහි කිරීම අරමුණ ලෙස තබා ගනිමින් මෙම පුහුණු වැඩමුළුව පැවැත්විණ. මොනරාගල, මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සාමාජික සාමාජිකාවන් 27 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම වැඩමුළුවට සහභාගි වූහ.
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණය ඒකකයේ කේ.එස්.එන්.ඩයස් මහත්මිය, ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණය ඒකකයේ නිලධාරී ඒ.එම්.එන්.සුමතිපාල සහ ඩී.ඒ.එල්.එස්. ද සිල්වා මහත්මීන් විසින් මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී. පැමිණ සිටි සම්පත්දායක පිරිස විසින් පුහුණුව ලැබූ ග්‍රාමීය ක්‍රියාකාරීන් , ප්‍රජා ආපදා කළමනාකරණ පිරිසක් ලෙස අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විම සඳහා සහයෝගය ලබා දීමට හැකි බව සහ ඉදිරි දැනුවත් කිරීම් ක්‍රියාකාරිත්වය තුළ දී අවශ්‍යතාවය අනුව සහය ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කරන ලදී. මෙම දෙදින වැඩමුළුව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නාලක රොසයිරෝ මහතා, ප්‍රදීප් ලක්සිරි මහතා, ප්‍රැන්සිස් රාජන්, ප්‍රියංකර කොස්තා යන මහත්වරු සහභාගි වූහ.