Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පානම ජනතාවගේ ඉඩම් අරගලය

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය පානම ජනතාවගේ ඉඩම් අරගලය සඳහා සෘජුව දායකත්වය දැක්වන සිවිල් සංවිධානයකි. 2010 වසරේ සිට ආරම්භ වු පානම ඉඩම් ගැටලුව අද වන විට විශාල ගැටලුවක් බවට පත්ව ඇත. පානම ජනතාවගේ විශේෂයෙන් ශ්‍රාස්තවෙල හා රාගම්වෙල ජනතාවගේ පාරම්පරික ඉඩම් අයිතිය මුළුමනින්ම උදුරා ගනිමින් ඔවුන් මහ පාරට ඇද දමා ඇත. දිගින් දිගටම තම ඉඩමේ පාරම්පරික අයිතිය ඉල්ලා පානම ජනතාව විවිධ පාර්ශව වෙත තම දුක් අදෝනාව ඉදිරිපත් කරන්නට කටයුතු කර ඇත. අද වන විට රාගම්වෙල උතුරේ ජනතාව පසුගිය ජනවාරි මස 05 වන දා සිට තම ඉඩමේ අයිතිය කෙසේ හෝ දිනා ගැනීමේ අරමුණ ඇතිව තාවකාලික කූඩාරකමක සිය විරෝධය දක්වමින් සිටිති.