Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The Beneficiary Selection Committee for Uplifting Livelihoods in Mullaitivu District was held on 26 May 2023 at the Red Cross Hall, මුලතිව් දිස්ත්‍රික්කයේ ජීවන මාර්ග නගා සිටුවීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ කමිටුව 2023 මැයි මස 26 වන දින රතු කුරුස සංවිධාන ශාලාවේදී

The Beneficiary Selection Committee for Uplifting Livelihoods in Mullaitivu District was held on 26 May 2023 at the Red Cross Hall. For the year 2023, the membership of the Trendal District Women's Committee selected 20 beneficiaries with the aim of uplifting the economy of housewives in six villages. These 20 women housewives were selected after the full agreement of the officers of the village societies. The accuracy of the information was verified by considering the veracity of the information provided by the 20 housewives. 20 people engaged in various self-employment joined this event. In particular, most of the 20 people involved in this event are housewives working as wage earners, and most of these housewives are women whose husbands have died or are disabled in the war.
They are engaged in the production of dry fish, making nutritious drinks, and food production.

Facilitation for this event Mrs. Lavina Hasanti, Women Affairs Coordinator of National Fisheries Movement, Mr. Anthony Jesudasan, Program Coordinator, Ms. Sajivika Sujatha and Dakshana, volunteer activists of the youth group participated in this event.

 

මුලතිව් දිස්ත්‍රික්කයේ ජීවන මාර්ග නගා සිටුවීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ කමිටුව 2023 මැයි මස 26 වන දින රතු කුරුස සංවිධාන ශාලාවේදී පැවැත්විණ. 2023 වර්ෂයේ සඳහා ත්‍රෙන්ඩල් දිස්ත්‍රික් කාන්තා කමිටුවේ සාමාජීකත්වය ගම්මාන හයක ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථිකය නගා සිටුවීම අරමුණ ඇතිව ප්‍රතිලාභීන් 20 දෙනෙකු තෝරා ගන්නා ලදී. මෙම ගෘහමූලික කාන්තාවන් 20 දෙනා ගම්මාන සමිති සමාගම්වල නිලධාරීන්ගේ පූර්ණ එකඟතාවයෙන් පසු තෝරා ගන්නා ලදී. ගෘහමූලික කාන්තාවන් 20 දෙනා විසින් ඉදිරිපත් කළ තොරතුරුවල සත්‍ය අසත්‍ය බව සලකා බලා එම තොරතුරුවල නිරවද්‍යතාවය සහතික කරනු ලැබීය. විවිධ වු ස්වයං රැකියාවල නිරත වෙන 20 දෙනෙකු මෙම අවස්ථාව සඳහා සම්බන්ධ විය.

 විශේෂයෙන් මෙම අවස්ථාවට සම්බන්ධ වු 20 දෙනාගෙන් වැඩි පිරිසක් කුලි රැකියාවේ නිරත වෙන ගෘහමූලික කාන්තාවන් වන අතර මෙම ගෘහමූලිකාවන්ගෙන් බොහෝ පිරිසක් යුද්ධයෙන් මිය ගිය හෝ ආබාධිත තත්ත්වයට පත් වු ස්වාම්පුරුෂයින් සිටින කාන්තාවන් වීම සුවිශේෂි වේ. මොවුන් කරවල නිෂ්පාදනය, සරුවත් බීම සෑදීම, හා ආහාර නිෂ්පාදනයේ නියැලීම සිදු කරති. මෙම අවස්ථාව සඳහා පහසුකම් සැලසීම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය, වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද සජිවිකා සුජාතා මහත්මිය ද තරුණ කණ්ඩායමේ ස්වෙච්ඡා ක්‍රියාකාරිනි දක්ෂනා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.