Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ලෝක පරිසර දිනයට සමගාමීව කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් පරිසරය අධිකාරිය විසින් එම ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව පරිසරය සුරැකීමේ වැඩසටහනක් 2023 ජුනි මස 01 වන දින

මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ලෝක පරිසර දිනයට සමගාමීව කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් පරිසරය අධිකාරිය විසින් එම ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව පරිසරය සුරැකීමේ වැඩසටහනක් 2023 ජුනි මස 01 වන දින සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනේදී අනාගතයේදී ප්ලාස්ටික් භාවිතයෙන් ඇති වන ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ අතර ප්ලාස්ටික් අවම කිරීමට අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වු අතර ප්ලාස්ටික් භාවිතයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීමට ධීවරයින් අවදි කිරීම මෙහි අරමුණ විය. ප්ලාස්ටික් භාවිතය අවම කරන්නට මඩකලපු කාත්තන්කුඩි ධීවරයින් එක්ම සැලසුමක් සකස් කළ අතර මේ සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නිරන්තර අධීක්‍ෂණය යටතේ සිදු වන බව සඳහන් විය. සතියේ පළමුවන බ්‍රහස්පතින්දා දින මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ධීවරයින් විසින් සිදු කරන බව පවසන ලදී.