Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මීගමුව, වැල්ලවීදිය තෙප්පම් ධීවර සමිතිය වෙත සහන සැලසීම


කොවිඩ් වසංගතය නිසා ධීවරයින් කබලෙන් වැටෙන්නට වූයේ මසුන් ආහාරට ගැනිමෙන් කොවිඩ් වසංගතය පැතිර යනවා යන අසත්‍ය හේතු නිසා බැව් සඳහන් කළ හැකිය. නමුත් අවසානයේ මේ සියලු දෙයින් ආසාධාරණය අගතියට පත්වූයේ අසරණ ධීවරයින් සහ ඔවුන්ගේ අසරණ දරු පවුල් බව සඳහන් කළ හැක. ඒපමණකින් නොනැවතුණු තත්ත්වය මෑතිකදී ලංකාවේ මුහුදු තීරයේ ගිලෙන්නට වු එක්ස් ප්‍රර්ස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය මුහුදු බත් වීම නිසා ඒ ප්‍රතිඵලයක් ලෙස කැස්බෑවන් ඇතුළු මුහුදු මත්ස්‍යයින් ඇතුළු ජලජීවීන් ආකාලයේ මැරී යන්නට වූයේ ධීවරයින්ගේ ධීවර රැකියාවට කනකොකා හඬ වමිනි. කෙසේ වෙතත් මේ තත්ත්වය හඳුනාගත් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය මීගමුව වැල්ලවීදිය තෙප්පම් ධීවර සමිතිය වෙත වියළි සලාක 100 බෙදා දීම 2021 ජූලි මස 01 වන දින වැල්ලවීදියේදී සිදු කරන ලදී. මේ අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා සහ ශ්‍රී විමුක්ති ධීවර කාන්තා ව්‍යාපාරයේ සම්බන්ධිකාරිනි සුබාෂිනි දීපා මෙනවිය සහ එහි මූල්‍ය නිලධාරි වින්සන් ප්‍රනාන්දු මහතා සහ වැල්ලවීදියේ තෙප්පම් ධීවර සමිතියේ ධීවර සාමාජීකයින් විශාල වශයෙන් මේ අවස්ථාව සඳහා සම්බන්ධ වූහ.

ශ්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ මානුෂීය ක්‍රියාන්විතය

තවමත් මෙරට තුළ පැතිර යන කොවිඩ් වෛරසය නිසා මෙරට ජනතාව කබලෙන් ලිපට වැටී ඇත දිනෙන් දින අකර්මන්‍ය වන ජන දිවිය නිසා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය දිනෙන් දින ව්‍යාකූල වෙමින් පවති. කොවිඩ් 19 නිසා සුපුරුදු ආර්ථික රටාවෙන් ඈත් වීමට ඔවුන් සිදු ව ඇත. කොවිඩ් වසංගතය නිසා ජනතාව එක් අතකින් පීඩා විදිද්දී මෙරට මුහුදු සීමාවේ තවමත් ගිලෙමින් ඇති එක්ස් ප්‍රර්ස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය නිසා අතිශයින්ම ධීවර ප්‍රජාව විශාල ලෙස අසරණව සිටි. සුපුරුදු ධීවර රැකියාවේ ආම්පන්න හා දැල් මේ නිසා විනාශ වී ඇත. දැනට විශාල ලෙස සාගර ජීවින් හා කොරල්පර විනාශ වී ඇත කෙසේ හෝ අල්ලා ගත් මසුන් සහතික මිලකට විකුණා ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත්තේ මසුන් පරිභෝජනයට පාරිභෝකයින් දක්වන බිය නිසා ය. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය ධීවරයාගේ ජීවන තත්ත්වය විනාශ වී යාමය මේ තත්ත්වය අවබෝධ කරගත් ශ්‍රී විමුක්ති ධිවර කාන්තා සංවිධානය ධීවර අඩු ආදායම් පවුල් 120 වෙත සහන සැලසීම පසුගිය ජූලි මස 01 වන දින එම සංවිධානයේදී පැවැත්විණ.

යාපනය දිස්ති්‍රක්කයේ යෝගපුරම් අවතැන් කදවුරේ ජනතාවට වියළි ආහාර ප්‍රදානය

රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ අසරණ වු ජනතාව විශේෂයෙන් අවතැන් ක`දවුරුවල තවමත් ජීවත් වන ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සදහා වියළි ආහාර මළු කිහිපයක් ඛෙදා දීම 2021 ජුනි 26 වන දින යාපනය දිස්ති්‍රක් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඉම්බනායලම් මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව ස`දහා යෝගයුරම් අවතැන් ක`දවුරේ ජනතාව විශාල වශයෙන් සහභාගි වූහ.

අර්බුදයක් හමුවේ මතු වූ මානුෂියත්වය - මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය

ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය හමුවේ ස්වකීය ආදායම් මාර්ග අහිමි වු අඩු ආදායම් ලාභි ධීවර පවුල් සඳහා වියළි ආහාර බෙදා දීම අමානා එක්ස්පෝර්ට් ආයතනය මූලිකත්වයෙන් මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ සහභාගිකත්වයෙන් 2021 ජුනි මස 22 වන දින එම සංවිධාන කාර්යාලයේදී පැවැත්විණ. එදිනම ඉතා අවාසනාවන්ත අයුරින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ තවමත් ගිලෙමින් පවතින එක්ස් ප්‍රර්ස් පර්ල් නෞකාවෙන් පිටතට ගලා ගිය රසායනික ද්‍රව්‍ය හේතුවෙන් තවමත් ධීවර කටයුතු කරගැනීමට නොහැකි වූ අඩු ආදායම් ලාභි ධීවර පවුල් සඳහා රුපියල් 6000 මුදලක් ලබා දීම එදිනම සිදු විය.

ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතය හමුවේ අත්නොහැරි මීගමු ශ්‍රී විමුක්ති සහෝදරත්වය

ශ්‍රී  ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ඉතා අසරණ වු ධීවර පවුල් සඳහා වියළි ආහාර සලාක බෙදා දීම 2021 ජුනි මස 21 වන දින සිදු කරන ලදී. ඇත්ත වශයෙන් කොරෝනා වෛරසයෙන් සාමාන්‍යය ජනතාව අතර ධීවර පවුල් විශාල අග හිගකම්වලට මුහුණ දීමට සිදු විය. පසුගිය කාලයේදී මෙරට මුහුදු තීරයේ තවමත් ගිලෙමින් ඇති එක්ස් ප්‍රර්ස් පර්ල් නෞකාවේ රසායනික අපද්‍රව්‍ය මුහුදට එකතු වීම නිසා ධීවර ආම්පන්න මෙන්ම මසුන් ද දිනෙන් දින විනාශයට පත් වූහ. ඒ බිය නිසාම ජනතාව දිනෙන් දින මත්ස්‍ය පරිභෝජනය අත්හැර දැමීමට යොමු විය. එම නිසා ධීවර කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත් වූහ. ඒ තත්ත්වය මැනවින් වටහා ගත් මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධනය අඩු ආදායම් ලබන පවුල් සඳහා වියළි සලාක මළු 70 අධික ප්‍රමාණයක් බෙදා දීම සිදු කරන ලදී. මෙම වියළි සලාක මීගමු ප්‍රදේශයේ කුඩාදූව, මුන්නක්කරය මහවීදිය, කඩොල්කැලේ, සිරිවර්ධන පදෙස, පිටිපන වීදිය, වැල්ලවීදිය සහ කට්ටිදූව යන ප්‍රදේශවල අඩු ආදායම් ලබන ධීවර පවුල් සඳහා බෙදා දෙන ලදී.