.
Trincomalee District Youth Committee ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහයෝගිතා ව්‍යාපාරය දිස්ත්‍රික් තරුණ කමිටු රැස්වීම 2023 ජනවාරි මස 22 වන ඉරුදින
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහයෝගිතා ව්‍යාපාරය දිස්ත්‍රික් තරුණ කමිටු රැස්වීම 2023 ජනවාරි මස 22 වන ඉරුදින තරුණ සාමාජික සාමාජිකාවන් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ. දිස්ත්‍රික්කයක් ලෙස තරුණ ව්‍යාපාරයේ ඉදිරි සැලැස්ම, ජනවාරි මස පැවැත්වු ආපදා කළමනාකරණ පුහුණුව, ගෙවතු වගා සම්බන්ධයෙන් ලබා දුන් පුහුණුවේ සැලැස්ම, තරුණ කමිටු සාමාජිකයින්ගේ ඉතුරුම් පිළිබඳවත් සහ පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරයේ මහ සභාව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා කේ.එච්.නිශාඛා මහත්මිය මෙහෙයවීම් සිදු කරන ලදී.
The first fishing community union meeting for the year 2023 of the Galle branch of the Southern Fisheries Organization of Galle District, ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානයේ ප්‍රථම ධීවර වෘත්තීය සමිති රැස්වීම 2023 ජනවාරි 20 වන දින
ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානයේ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ගාල්ල ශාඛාවේ 2023 වන වසර සඳහා ප්‍රථම ධීවර වෘත්තීය සමිති රැස්වීම 2023 ජනවාරි 20 වන දින දකුණේ ධීවර සංවිධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදි වර්තමානයේ පවතින ධීවර ගැටලු හා ආර්ථික ආර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් 2023 වසරේ පවත්වන්නට නියමිත ලෝක කම්කරු දිනය සාකච්ඡා කරන ලදී.