Home » » උම්බලකඩත් එක්‌කම වේළිලා කරවෙන වැල්ලෙ ධීවර ජීවිත

උම්බලකඩත් එක්‌කම වේළිලා කරවෙන වැල්ලෙ ධීවර ජීවිත

Written By NAFSO on Monday, November 17, 2014 | 10:42:00 AM



දකුණු පළාතේ සුන්දරතම වෙරළ තීරයේ පාරම්පරික ධීවර කර්මාන්තයේ යෙදන බොහෝ පිරිසක්‌ වෙසෙන ධීවර ගම්මානයක්‌ ලෙස කොට්‌ටගොඩ සුදුවැල්ල ප්‍රදේශය හැඳින්විය හැකිය. ධීවර කර්මාන්තය හා ඒ ආශ්‍රිත කර්මාන්තවලින් ජීවත්වන මෙම ධීවර ගම්මානය විශේෂත්වයක්‌ උසුලන්නේ උම්බලකඩවලටය.

මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ මාතර සිට සැතපුම් 8 ක්‌ පමණ කතරගම දෙසට යන විට මෙම ගම්මානය හමුවෙයි. රටේ ප්‍රොaටීන් අවශ්‍යතාවයට සුවිශේෂී දායකත්වයක්‌ දක්‌වන ධීවර ප්‍රජාවක්‌ වෙසෙන මෙම ධීවර ගම්මානය පසුගිය සුනාමි ව්‍යසනයේදී සම්පූර්ණයෙන් විනාශවී ගිය ගම්මානයකි. මිනිස්‌ ජීවිත, දේපළ, නිවාස ඔවුන් සතු සියලු දෑ මහා සාගරය විසින් බිලිගත්තද මෙහි ජීවත්වන ධීවරයන්ට නැවත නැඟී සිටීමට පිහිටවූයේ ද සාගරමය. මෙම ගම්මානය පසුකර යන අයකුට දැකිය හැකි සුලභ දසුනක්‌ වනුයේ අව්වේ දමා උම්බලකඩ බවට පත් කිරීමට වැල්ලේ සහ මග දෙපස අතුරා ඇති මසුන්ය. ඈත අතීතයේ කොට්‌ටගොඩ ධීවරයෝ තම ජීවනෝපාය සරිකරගත්තේ සාම්ප්‍රදායික ඔරු මගින්ය. මෙම ඔරු මගින් කරන රැකියාව එක්‌ දිනකින් නැවතත් ගොඩබිමට පැමිණෙයි. වර්තමානයේ සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ යෙදෙන බොහෝ පිරිසක්‌ බහුදින යාත්‍රා (ටැංකි බෝට්‌ටු) යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදෙති.

රටට බරක්‌ නොවී තම ශ්‍රමය කැප කොට තම අඹුදරුවන් පෝෂණය කරන මෙම ධීවරයෝ ගොඩබිම සිට නාවුක සැතපුම් 2000-3000 ත් අතර දුර ප්‍රමාණයක්‌ ගොස්‌ රැකියාව කිරීම බහුලව දැකිය හැකි කරුණකි. මොවුන්ගේ රැකියාව සඳහා ජාත්‍යන්තර මුහුදු සීමාව තරණය කළ යුතු බව පවසයි. මේ සඳහා ආසන්න වශයෙන් දින 30 ක්‌වත් ගතවේ. සාමාන්‍යයෙන් මෙම යාත්‍රාවක ගමන් කරනුයේ 5 දෙනකු හෝ 6 දෙනෙකි. මෙහි එක්‌ ගමනක්‌ සඳහා තෙල් සහ කෑම වියදම්ද ඇතුළුව ලක්‍ෂ 4 ක්‌ 5 ක්‌ අතර වියදමක්‌ දැරීමට සිදුවන බවද බෝට්‌ටු හිමියෝ පවසති. සමහර අවස්‌ථා වලදී වියදම පියවා ගැනීමට පවා නොහැකි බවද ඔවුහු පවසති. එසේම අඩු දින ගණනකින් විශාල මාළු අස්‌වැන්නක්‌ සමඟ ගොඩබිම කරා එන අවස්‌ථාද වෙයි. මෙසේ ගෙනෙන මාළු ඇස්‌වැන්නෙන් කොටසක්‌ උම්බලකඩ නිෂ්පාදනය සඳහා ද යොදා ගනී.

සුදුවැල්ල, කුඩාවැල්ල, දෙවිනුවර යන ධීවර ගම්මානයන්හි ජයටම කෙරීගෙන යන මෙම උම්බලකඩ කර්මාන්තයේ යෙදෙන බොහෝ පිරිසක්‌ එම ධීවරයන්ගේ බිරින්දෑවරු හා දෙමාපියන්ය.

පරක්‌ තෙරක්‌ නොපෙනෙන සාගරය සමඟ පොර බදා තම බඩ වියත හා අඹුදරුවන් පෝෂණය කිරීමට වෙර දරන ධීවරයාගේ බිරිඳ සහ දෙමාපියෝ තමන්ගේ ආර්ථිකයට ශක්‌තියක්‌ වෙමින් උම්බලකඩ නිෂ්පාදනයේ යෙදෙති. මෙය ගෘහාශ්‍රිත කර්මාන්තයක්‌ ලෙස අතීතයේ බොහෝ ආර්ථික වාසි ගෙන දුන් කර්මාන්තයක්‌ විය. වර්තමානයේ පසුබෑමකට ලක්‌වී තිබුණ ද අපහසුතා මධ්‍යයේ උම්බලකඩ කර්මාන්තය කරගෙන යන බව ඔවුන් පවසති.

මෙහි තතු සොයා අපි කොට්‌ටගොඩ සුදුවැල්ල ධීවර ගම්මානයට ගියෙමු. කොට්‌ටගොඩ ධීයර කර්මාන්තයේ ලේකම් සහ සුදුවැල්ල ධීවර කමිටුවේ කැÄවුම්කරු වූ යූ. එච්. නිහාල් ශාන්ත මහතා අපට හමුවූයේ මුහුදු තීරයේ උම්බලකඩ නිෂ්පාදනයේ යෙදෙමින් සිටින අතරතුරය.

අවට බලනවිට සෑම තැනම වියළීමට අව්වේ දමා ඇති උම්බලකඩය. ඒ අවට බල්ලන් කපුටන් ගැවසුණද ඔවුන්ගෙන් මෙම කර්මාන්තයට හානියක්‌ නොවීම පුදුම දනවන්නක්‌ විය.

අප තුළ මතුවූ ඒ විමතිය පිළිබඳ නිහාල් ශාන්ත මහතා කියාසිටියේ වියළීමට දමා ඇති උම්බලකඩවලට බල්ලන්ගෙන් කපුටන්ගෙන් හානි වන්නේ බොහොම කලාතුරකින් බවයි. මෙහි වෙසෙන සතුන්ට උම්බලකඩ නිෂ්පාදනයේදී ඉවත දමන හිස සහ අනෙකුත් අංශ ලබාදීම තුළින් ඔවුන් ඒවා බහුලව ආහාරයට ගැනීම නිසා බාධාකාරී ලෙස නොහැසිරෙන බවද නිහාල් මහතා පැවැසීය.

සාමාන්‍යයෙන් උම්බලකඩ නිෂ්පාදනයේදී බහුලව යොදා ගන්නේ බලය මත්ස්‍යයායි. මෙයට අමතරව අලගොඩුවා, හුරුල්ලා යන මතස්‍යයන්ද යොදා ගනී. කුඩා මාළු යොදා ගැනීමෙන් ආර්ථික වාසිය අඩුවන අතර ලොකු බලයන් තෝරා ගැනීමේදී නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණය ඉහළ යයි. ලොකු උම්බලකඩ මිලෙන්ද ඉහළයි. සාමාන්‍යයෙන් ජුනි මාසයේ සිට අප්‍රේල් මාසය දක්‌වා බල මාළු අස්‌වැන්න සුලබ කාලයක්‌ බැවින් එම කාලයේදී උම්බලකඩ නිෂ්පාදනය බහුලව කරනු ලබයි.

නිෂ්පාදනයේදී මසුන්ගේ හිස සහ අනෙකුත් කොටස්‌ ඉවත්කර හොඳින් සෝදා පිරිසිදුකොට බැරල්වල හෝ එවැනි භාජනයකට වතුර, ලුණු දමා තම්බා ගනියි. අතීතයේදී ගොරකා භාවිත වුවද වර්තමානයේ ගොරකා දැමීමක්‌ නොකරයි.

මෙසේ තම්බාගත් බල මාළුන්ගේ කටුව ඉවත් කළ යුතුය. වඩාත් දුෂ්කර කාර්යය වනුයේ මාළුවා කැබලි 4 ක්‌ වන සේ ගැලවීමයි. මෙය සීරුවෙන් කළ යුත්තකි. මෙසේ සකස්‌ කරගත් පසු හිරුඑළියෙන් වියළා ගනී. වැසි සහිත කාලයකදී දුම්ගසා ගනු ලබයි. දිනක්‌ පමණ වියළුණුq පසු කෘමි සතුන්ගෙන් ආරක්‌ෂාවීම සඳහා මාළු මත අළු ඉසිනු ලබයි. කාලගුණය යහපත් කාලවලදී දින 14 - 15 අතර කාලයකදී උම්බලකඩ වෙළෙඳපොළට යෑවියහැකි තත්ත්වයට පත්කර ගත හැකිය.

මෙම ක්‍රියාවලිය වෙහෙසකාරී ක්‍රියාවලියක්‌ වුවත් පවුලේ සියලු දෙනාම එකතුවී කිරීම තුළින් නිෂ්පාදන වියදම සහ වෙහෙස අඩුකර ගත හැකිය.

කුඩාවැල්ල හුම්මානය ආශ්‍රිත ප්‍රදේශයේද බහුලව කරනු ලබන උම්බලකඩ කර්මාන්තය මඳක්‌ පසුබෑමට ලක්‌වීම පිළිබඳ අදහස්‌ ප්‍රකාශ කළේ හුම්මානය ආසනයේ පදිංචි උම්බලකඩ කර්මාන්තයේ යෙදෙන ධීවරයකුගේ බිරිඳ වූ උදානි හංසිකා ලියනාරච්චි මහත්මියයි.

අතීතයේදී වසර පුරාම මෙම කර්මාන්තය තිබුණත් දැනට මාළු යහමින් ලැබෙන කාලවලදී විතරයි මේ කර්මාන්තයට යොමුවෙන්නේ. මාළු මිල ඉහළ යැම නිසා උම්බලකඩ කර්මාන්තයද කඩාවැටිල තියෙන්නේ. තෙල් මිල ඉහළ යාමත්, ඊට හේතුවක්‌. ව්‍යාපාරයක්‌ වශයෙන් මහන්සියේ තරමට ලාභය අඩුවෙනකොට මිනිස්‌සු මේවා අතහැරලා දානවා. අපි පාරම්පරික ධීවරයෝ. අතීතයේදී උම්බලකඩ නිෂ්පාදනයෙන් ලාභ තිබුණත් දැඩි නිෂ්පාදන වියදම ඉහළ ගිහිල්ල. අනික පිටරටින් අඩුමිලට උම්බලකඩ ගෙන්වීම තුළින් ලංකාවේ උම්බලකඩලට තද පහරක්‌ වැදිලා. පිටරටින් ගෙන්වන උම්බලකඩවලට වඩා ලංකාවේ නිෂ්පාදනය කරන උම්බලකඩ තත්ත්වයෙන් උසස්‌. රසය අතින්ද ඉහළය. උම්බලකඩ රසය හොඳින් හඳුනන අයකුට මෙම වෙනස මනාව පැහැදිලි වන බව ඇය පැවසුවාය.

වර්තමානයේ බොහෝ ආහාර ආශ්‍රිත කර්මාන්තවලදී ආහාරවලට වසවිස ඇතුළුවීම, රසායනික ද්‍රව්‍ය භාවිතය, කල්තබා ගැනීමේ නොයෙකුත් උපක්‍රම නිසා මිනිස්‌ පාරිභෝජනයට අහිතකර තත්ත්වයක්‌ ඇති වුවත් මිනිසුන් දැන දැනම පරිභෝජනයට ගන්නවා. ඒත් අපේ නිෂ්පාදනය සියයට සියයක්‌ම වස විසෙන් තොරයි. උම්බලකඩ නිෂ්පාදනයේදී කිසිම අවස්‌ථාවක රසායනික ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. නමුත් දැන් අපේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. දැන් අපි මේක කරන්නෙ ජීවත් වෙන්න වෙන කරන්න දෙයක්‌ නැති නිසා. අපි කුඩාවැල්ලෙ වරායෙන් මාළු මිලදී ගන්නේ බලයා කිලෝ එකක්‌ රුපියල් 200-210 කට විතර. සාමාන්‍යයෙන් උම්බලකඩ කිලෝ එකක්‌ හදන්න මාළු කිලෝ 5 - 6 ක්‌ ඕනෑ. විකුණන්න ගියාම තොග වෙළෙන්දොa ඉල්ලන්නේ රුපියල් දාහට - එක්‌දහස්‌ දෙසීයට. ඒ ගාණට දීල අපේ වියදමවත් පියවා ගන්න බැහැ. රුපියල් 800 - 900 ටත් උම්බලකඩ තියෙනවා. ඒත් ඒවා පොඩි මාළුවලින් හදපුවා. නැතිනම් නරක්‌වූ ඒවා. හොඳම ප්‍රමිතියෙ මාළුවලින් නිෂ්පාදනය කරන උම්බලකඩ රුපියල් 1200 කට දුන්නත් අපිට පාඩුයි.

අපි මේවා කරන්නේ ණයතුරුස්‌ වෙලා. පසුගිය වැහි කාලයේ උම්බලකඩ කර්මාන්තයට ගොඩක්‌ පාඩු වුණා. වේලාගන්න බැරිව පුස්‌කාලා. දුම්ගහලා වේළුවට නියම ප්‍රමිතිය ගන්න බැහැ.

තොග වෙළෙන්දො අපෙන් අඩුවට ගත්තත් වෙළෙඳපොළේ නම් මිලේ අඩුවක්‌ නැහැ. තොග වෙළෙන්දො තමයි වැඩි ලාභයක්‌ තියා ගන්නේ. රටින් ගෙන්වීම නිසා උම්බලකඩ මිල කරන්න බැහැ. ලංකාවේ උම්බලකඩ නිෂ්පාදනය කරන කාලෙදිවත් රටින් ගෙන්වීම පිළිබඳව රජය මැදිහත් වෙලා අපේ කර්මාන්තය රැක ගන්න කියලයි අපි ඉල්ලන්නේ.

කොට්‌ටගොඩ කඩවත්ත ප්‍රදේශයේදී අපට මුණගැසුණු ආනන්ද ගම්හේවා මහතා එසේ පැවැසීය.

කතරගම දික්‌වැල්ල ප්‍රධාන මාර්ගයේ කුඩාවැල්ල හුම්මානය ප්‍රදේශයේ උම්බලකඩ නිෂ්පාදනය කර වෙළෙ¹ම් කරන නිලංක රත්නවීර මහතාද පවසන්නේ උම්බලකඩ කර්මාන්තය තවදුරටත් සිදුකරගෙන යැම ට අපහසු බවයි.

දුක්‌ මහන්සි වෙලා හතර අතට ණය වෙලා උම්බලකඩ නිෂ්පාදනය කළත් විකුණා ගන්න අමාරුයි. තොග වෙළෙන්දො ඉල්ලන්නේ තුට්‌ටු දෙකට. එයාලා ඉල්ලන ගාණට දුන්නම වියදමවත් පියවා ගන්න බැහැ. ටිකක්‌ හරි ඔලුව උස්‌සල ඉන්නේ කතරගම වන්දනාවේ යන පිsරිස්‌ සහ හුම්මානය බලන්න එන අයට විකුණලා. තොග දෙන්න තැනක්‌ නැහැ. විකුණා ගැනීමට නොයෙකුත් තැන්වලට වාහන අරන් යන්න වෙලා. ප්‍රවාහන ගාස්‌තු ගෙව්වම අපිට තවත් පාඩුයි. ණය වෙලා ණය ගෙවාගන්න බැරි වුණාම කුණු කොල්ලෙට හරි දෙන්න වෙනවා. අපි ජීවත් වෙන්නේ මේ රැකියාව කරලා. මෙහෙම යනකොට අපිට මැරෙන්න තමයි වෙන්නේ. රජය මැදිහත්වෙලා. මේ ගැන සොයා බලනවා නම් හොඳයි. නැතිනම් මේ කර්මාන්තය කරගෙන යන්න බැහැ. ඉස්‌සර බොහෝ පිරිසක්‌ මේ කර්මාන්තය කළා. දැන් නම් ගොඩක්‌ අය අතහැරලා දාලා තියෙන්නේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැති නිසා.

තවදුරටත් මේ කර්මාන්තය කරගෙන යන්න බැරි තත්ත්වයක්‌ තුළ උම්බලකඩ කර්මාන්තය අතහැර දැමීමටයි සිදුවෙලා තියෙන්නේ. ඒත් ඉතිං මෙහෙම හරි ජීවත් වෙන්නේ මේ කර්මාන්තයෙන්. මේක අතහැරියොත් දරුමල්ලොත් එක්‌ක බඩගින්නෙ මැරෙන්නයි වෙන්නෙ.

Share this article :
NAFSO
NAFSO Convenersdiary
WOMEN
YOUTH
LAND
ACN
IDP
PPD
SRIVIMUKTHI
www.nafsojurney.blogspot.com
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. NAFSO: Towards a Fisher People's Movement - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger