Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

23 වන ජගත් ධීවර දින සැමරුම




ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක ධීවර අයිතීන් ජයග‍්‍රහණය කරවමින් සාමය හා ජාතික සමගිය ගොඩනගමු යන තේමාව කෙන්ද්‍ර කොට 23 වන ජගත් ධීවර දින සැමරුම මාතර බෞද්ධ විද්‍යාලයේදී 2019 නොවැම්බර් 09 වන දින පැවැත්විණි. මේ අවස්ථාව සදහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා ද, රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔස්කා අමරසිංහ මහතා ද, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සමාජික සුනිල් හදුන්හෙත්ති මහතා ද ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය නියෝජනය කරමින් විමුක්තිද සිල්වා ද යන අය මේ අව්සථාසව ස`දහා සහභාගි වූහ. එදින පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම වසන්ත මහතා වසින් සිදු කළ අතර බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පොල්තෙල් පහන දල්වා 23 ජගත් ධීවර දින සැමරුම නිල වශයෙන් ආරම්භ කිරීම සිදු විය. පිළිගැනීමේ නර්තනය මාතර දිස්ත‍්‍රික්කයේ නර්තන කණ්ඩායම විසින් සිදු කළහ. දකුණේ ධීවර සංවිධානයේ සාමාජික එන්.කමලසිරි සිල්වා මහතා විසින් ධීවර කර්මාන්තය හමුවේ ඇති අභියෝග සහ ධීවර ප‍්‍රජාවගේ අපේක්‍ෂා යන මැයෙන් දේශනයක් ඉදිරිපත් කළහ. සමාජ සංවර්ධනයේදී කාන්තා දායකත්වය පිළිබදව මඩකලපු කාන්තා දිස්ති‍්‍රක්කයේ කමිටු ලේකම් කේ. පද්මාවති මහත්මිය විසින් සිදු කළා ය. ඉන්පසුව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතාගේ අදහස් දැක්වීම වෙත යොමු විය.
සුනිල් හදුන්හෙත්ති මහතගේ ආරාධිත දේශපාලන නියෝජිතයින්ගේ දේශනයෙන් පසුව සමීක්ෂණ වාර්තා ද්විත්වයක් එළිදැක්වීම සිදු විය. උතුරේ ධීවරයාට එරෙහිව බලහත්කාරීව සිදු කරන සංක‍්‍රමණික ධීවර කර්මාන්තයේ අහිතකර බලපෑම පිළිබදව සමීක්‍ෂණ වාර්තාව සහ පාරිසරික ජෛව කෘෂිකර්මාන්තය හා දේශීය ආහාර රටා පිළිබදව වැඩසටහන් වාර්තාව එළිදැක්වීම සිදු විය. කුරුණෑගල ප‍්‍රජා ශක්ති සහයෝගිතා සංසදයේ කරුණාසිංහ මහතා ගොවි මිරිදිය ධීවර ජනතාවගේ අයිතිය අහිමිවීමේ අර්බුදය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළේ ය. පසුව සිහිවටන ප‍්‍රදානය කිරීමෙන් අනතුරුව සහතික පත් ප‍්‍රදානය කළ අතර ධීවර අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ පොදු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සංවාදයක් හර්මන් කුමාර මහතා විසින් මෙහෙයවන ලදී.
පරිපාලන ලේකම් මහතා විසින් රුහුණු ප‍්‍රකාශනය කියවීමෙන් පසු ස්තූතිය පුද කරමින් 23 ජගත් ධීවර දිනය මෙසේ සමාප්තිය සනිටුවන් කරන ලදී.