Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

උතුරු හා නැගෙනහිර පළාත් ධීවර කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබදව සිදු කළ සාකච්ඡාව

 කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලින් කොවිඩ්  19 ආසාදිත පුද්ගලියන් හමුවීමත් සමග මිනිසුන් මත්ස්‍යයන් පාරිභෝජනය කිරීමට බියක් දක්වන මෙවන් පසුබිමක් තුළ සමස්ත දිවයිනේම ධීවරයින්ගේ ජන දිවිය අවුලෙන් අවුලට පත්ව ඇත. මුහුදින් අල්ලා ගන්නා මත්ස්‍යයින් සාධාරණ මිලකට කෙසේ හෝ අලෙවි කර ගැනිමට නොහැකි තැන ධීවරයින් මහ මගට ඇද වැයෙන තත්තවයකට පත්ව ඇත. මෙවැනිම තත්ත්වයක් උතුරු නැගෙනහිර ධීවර කර්මාන්තයට උදා වී ඇත. 
 
උතුරේ හා නැගෙනහිර ධීවරයින් දෛනිකව අල්ලා ගන්නා මත්ස්‍ය අස්වැන්න අලෙවිකර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති තැන උතුරු සහ නැගෙනහිර ධීවර කර්මාන්තය අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. මෙම උතුරු සහ නැගෙනහිර ධීවර කර්මාන්තය අන්ත අසරණ තත්ත්වය පත්වීම සම්බන්ධයෙන් 2020 නොවැම්බර් 06 වන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කාරතුමන් හා උතුරේ හා නැගෙනහිර පළාතේ ධීවර නායකයින්, දිස්ති‍්‍රක් කි‍්‍රයාකාරින් සහ සම්බන්ධීකාරකවරුන් සමග සාකච්ඡාව පැවැත්විණ. මෙම සාකච්ඡාව සදහා යාපනය දිස්ති‍්‍රක්කය, මන්නාරම් දිස්ති‍්‍රක්කය, කිලිනොච්චි දිස්ති‍්‍රක්කය, අම්පාර දිස්ති‍්‍රක්කය, මුලිතිච් දිස්ති‍්‍රක්කය, ජාතික කාර්යාලය නියෝජනය කරමින් ඇන්තනි ජේසුදාසන් මහතා ද  ධීවර නායකයින් ද සම්බන්ධ වූහ. මෙම  සාකච්ඡාවෙන් මතු වු කරුණ කිහිපයකි. එනම්

01.මසුන් සදහා නිසි වෙළදපොළක් නොමැති නිසා අල්ලා ගත් මසුන් ප්‍රවාහනය  නිසි  ක්‍රමවේදයක් නොමැති නිසා ධීවරයින් විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇත.

02. ධීවරයින් ධීවර කර්මාන්තයට යෑමෙන් වැලකි ඇත. මුලතිව් දිස්ත්‍රික්කයේ දවස් 15 පමණ ධීවර කර්මාන්තයට ගොස් නැත.

03. ධීවර කාන්තාවන්ට පසු අස්වනු තාක්ෂණයේ නියැලෙමින් සිදු කළත් විකුණා ගැනීමේ ගැටලූකට එම කාන්තාවන් පත්ව ඇත.

04. ගෘහමූලික කාන්තාවන් හා කුලි වැඩවලට යන පුද්ගලයන්ට මෙම තත්ත්වය ගැටලූවලට   ලක්ව ඇත.

05. යාපනයේ ඇති කොරෝනා සායන මධ්යස්ථාන අවට සිටින කාන්තාවන්ට වතු වැඩ සදහා නොපැමිණෙන ලෙස දන්වා ඇත.

06.අම්පාර දිස්ත්‍රික්කයේ පසු ගිය සති දෙක මාදැල් කර්මාන්තය හා ආශ්‍රිත කර්මාන්තය සිදු කිරීමට තහනම් කොට ඇත.

05. උතුරු පළාතේ මුහුදු කූඩැල්ලන් සහ බෙල්ලන් අල්ලන්ට තවකාලික තහනමක්  ධීවර   අමාත්‍යවරයා විසින් පනවා ඇත.

06. පිට ප්‍රදේශවලින් පැමිණෙන අය සදහා විසුතුරු මසුන් ඇල්ලීමට ඉඩ සලසා දී ඇත.  උතුරු පළාතේ ධීවරයින් සදහා මසුන් ඇල්ලීම සදහා සුදුසුම කාලය මේ කාලය වන නිසා උතුරු හා දකුණු පළාත් ධීවර කර්මාන්තයමුළුමනින්ම බිද වැටි ඇත.

07. අත්‍යවශ්‍යය භාණ්ඩවල මිල ඉහළ යාමත් විශේෂයෙන් සහල් අල ලූණු මිල ඉහළ යාමත් නිසා ජනතාව විශාල දුෂ්කාරතාවලට ලක්ව ඇත.

 මේ සම්බන්ධයෙන් නිලධාරීන් සමග දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡුාවක් සිදු කිරීමට අවශ්‍යය වැඩපිළිවෙලක් පවතින තත්ත්වය අනුව නොමැති නිසා දුෂ්කරතාවලට ලක්ව ඇත. 1990 සිට යාපනයේ අවතැන් කදවුරු පිහිටා ඇති නිසා ඇතුල්වීම හා පිටවීමට ජනතාවට ඒ අවතැන් ජනතාවට නොහැකි නිසා ඔවුන්ගේ රැකියාව අහිමි වී ඇති අතර ආර්ථීක ගැටලූ ගණනාවක් ඇති වී තිබෙන බවත් නන්දිකාඩාල් කලපුවේ ධීවර කටයුතුවල නිරත වු කාත්තාවක් ධීවර කර්මාන්තය කරගෙන යෑමය නොහැකි වී ඇති අතර වතුර මට්ටම අඩු වී ඇති බවත් මේ පිළිබදව ආණ්ඩුවේ නිසි අවධානයක් යොමු නොවී ඇත. ගිය සතියේ ධීවර ඇමතිවරයා උතුරු ධීවරයන් හා නිලධාරින් සමග සාකච්ඡාව කිරීමට නියමිත බව පුවත්පත්වල දක්නට ලැබුණත් නිසි ධීවරයින් කැදවීමක් නොලැබුණු බවත් ධීවර ඇමතිවරයාට අදාළ පුද්ගලයින් පමණක් කැදවා ඇති බවත් සදහන් කළ හැක. දකුණේ ධීවරයින් උතුරේ ධීවර කටයුතුවලට පැමිණීම සම්බන්ධයෙන් උතුරේ ධීවරයින් බියෙන් පසු වන බවත් දැනටමත් ඇතැම් දිස්ති‍්‍රක්කවල මේවන විට ධීවර කටයුතුවල නිරත වන නිසා කොරෝනා තත්ත්වය නිසා කුමන දෙයක් සිදු වේ දයන්න සම්බන්ධයෙන් ගැටලූවක් පවති.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් 2020 නොවැම්බර් 07 වන දිට සෑම උතුරේ හා නැගෙනහිර දිස්ති‍්‍රක්කවල පවත්වන බවත් මාධ්‍ය ප‍්‍රකාශනයක් නිකුත් කරන බවත් එම ප‍්‍රකාශනය ධීවර ඇමතිවරයාට හා නිලධරින්ට ලබා දෙන බවත් ධීවර නායකයින්ගේ අදහස් දැක්වීමේ කෙටි විඩියෝ නිර්මාණය කර සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය කිරීමට අදහස් කරන බව සදහන් කළ හැක. මේ සම්බන්ධයෙන් දකුණේ ද ධීවර ප‍්‍රජාවගේ අවධානය යොමු කළ යුතුව අවධානය යොමු කළ යුතුය.

The health sector found the Covid-19 cluster in the fisher market in Paliayagoada. The fish vendors of the fish market have spread the virus for many people and many places in the country.  According to this environment, many people, expertise even doctors made different statement in relation to consumption of fish productions but there was no scientific background behind those statements. As a result of that people limited the fish consumption due to their negative attitudes in eating fish. According to the situation, fisherman were unable to sale their fish productions in the island wide. Fisheries industry and life of the fisher families faced difficulties. It has faced to the challenge to destroy the fisher life as well as fisheries industry. This is a common situation for the fisher communities in the north and east also. Fisheries industry is being gradually destroyed in the north and east because of not having market for the fish production.

National Fisheries Solidarity Movement initiated to organize an online meeting among fisher leaders, activists in the districts, district coordinators, Mr. Herman Kumara, National Convener and Mr. Anthony Jesudasan, Coordinator, People to people dialogue on peace and sustainable development to discuss the existing situation on 6, November 2020. It came out some prominent points  in the discussion.

·       Fisherman are having huge loss because of not having a systematic transportation and  proper market for the production.

·       Fishermen have temporally given up going to the fishing. Mullathive fishermen have not engaged with the fisheries industry for 15 days.

·       Although the fisherwomen have engaged with post harvest productions, they have no market for their production.

·       Women headed families and labours are the most vulnerable groups in the existing situation