Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

බරුදැල්පොල ප්‍රදේශයේ ජනතාව වෙත වියළි සලාක මළු ප්‍රදානය කිරීම - 2021.10.11

පුත්තලම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් බරුදැල්පොල ප්‍රදේශයේ ජනතාව වෙත වියළි සලාක මළු ප්‍රදානය කිරීම 2021 ඔක්තෝම්බර් 11 වන දින පැවැත්විණ. බරුදැල්පොල ප්‍රදේශය ගත් කළ ස්වභාවනේම ධීවර ප්‍රදේශයක් වන අතර මේ ප්‍රදේශයේ ධිවරයින් විශාල පිරිසක් ධීවර කර්මාන්තයේ නියැලේ. පවතින කොරෝනා වසංගතය හමුවේ පීඩාවට බරුදැල්පොල ප්‍රදේශයේ තෝරා ගත් ජනතාව වෙත වියළි සලාක මළු ප්‍රදානය කිරීමෙන් ඔවුන්ගේ ආර්ථිකයට යම් උරදීමක් ලබා දීම මෙහි අරමුණ වේ. මෙම අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රියංකර කොස්තා මහතා ද පුත්තලම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ලොයෙල් පිරීස් මහතා ද සම්බන්ධ වූහ.